සිය පෙම්වතිය වූ 23 හැවිරිදි තරුණ පොලිස් කොස්තාපල්වරියක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද මරණීය දණ්ඩනය නියම කළේය.
වසර ගණනාවක් තිස්සේ අධිකරණය මඟහැර සිටින විත්තිකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද විනිසුරුවරයා මෙහිදී වරෙන්තු නිකුත් කළේය.
ඉකුත් 2013 වසරේ ජනවාරි 07 වනදා පිටකොටුව ලෝටස් පාරේ පිහිටි ගුවන් පාලම මතදී මෙම ඝාතනය සිදුව තිබුණි. පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී ඇති වූ ප්‍රේම සබඳතාවක් මත විවාහ වීමට සිටියද, විත්තිකරුගේ අයහපත් චර්යාවන් හා පොරොන්දම් නොගැළපීම හේතුවෙන් තරුණියගේ මව එම විවාහයට අකමැති වී තිබේ.
එදින උදෑසන 7.10ට පමණ තරුණිය රාජකාරියට යන මග රැක සිටි විත්තිකරු, ඇය සමඟ ඇති වූ බහින් බස් වීමකින් පසු මන්නා පිහියකින් ඇගේ ගෙල වෙන්වන ලෙස කපා දමා ඇත. මරණකාරියගේ සිරුරේ ස්ථාන 47ක බරපතල කැපුම් තුවාල තිබූ බවත්, ඇයට වස පෙවීමටද විත්තිකරු උත්සාහ කර ඇති බවත් සාක්ෂි මගින් අනාවරණය විය.
විත්තිකරු සාක්ෂි දෙමින් කියා සිටියේ තමා වස පානය කර සියදිවි නසා ගැනීමට උත්සාහ කළ බවත්, තරුණියට තුවාල සිදු වූ ආකාරය නොදන්නා බවත්ය. එහෙත් එම ප්‍රකාශය දඬුවමින් ගැලවීමට කළ එකක් බව පෙන්වා දුන් විනිසුරුවරයා, චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
මූලික විමර්ශන අවස්ථාවේදී විත්තිකරුට විදේශ ගමන් තහනමක් පැනවීමට පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් ඔහු මේ වන විට පලා ගොස් ඇති බවද නඩු විභාගයේදී අනාවරණය විය.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට