අනතුරකට ලක්ව මොළය මියගිය පුද්ගලයෙකුගේ අවයව දන්දීම සඳහා ගුවනින් කොළඹ ජාතික රෝහල වෙත ගෙන ආ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
හසලක මහඅස්වැද්දුම ගම්මානයේ පදිංචි දෙදරු පියෙකු වන 48 හැවිරිදි එම්. ජී චමින්ද මහතා ඉකුත් 26 වෙනිදා රැකියාව නිම කර නැවත නිවස බලා යමින් සිටියදී බසයෙන් ඇද වැටී අනතුරකට ලක්වී තිබේ.
ඔහු දින ගණනක් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇත්තේ අනතුරින් හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙනි.
කෙසේවෙතත් වෛද්‍යවරු රෝගියාගේ පවුලේ සාමාජිකයින්ට පවසා ඇත්තේ චමින්දගේ මොළය මියගොස් ඇති බැවින් තව දුරටත් ඔහු ජීවත් කළ නොහැකි බවය.
ජීවිතයේ අසන්නට ලැබුණු අමිහිරිම පණිවුඩය එසේ ඇසෙද්දී එය දරාගත් චමින්දගේ බිරිඳ, ජීවත් කරවීමට නොහැකි තම ස්වාමියාගේ අවයව දන්දී තවත් ජීවිත බේරාගැනීමට තීරණය කරන්නේ පරාර්ථකාමීත්වයට වචනයේ පරිසමාප්ත අරුතින්ම වටිනාකමක් දෙමිනි.
බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ එම තීරණයෙන් පසු බදුල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් රෝගී චමින්ද ගුවන් මගින් කොළඹ ජාතික රෝහල වෙත අද (31) උදෑසන රැගෙන විත් තිබේ.
චමින්දගේ හදවත විදේශීය වෛද්‍ය කණ්ඩායමකගේ ද සහාය ඇතිව වෙනත් රෝගියෙකුට බද්ධ කිරීමට නියමිතය.
එසේම ඔහුගේ පෙණහලු සහ අක්මාව මහනුවර රෝහලේදී තවත් රෝගියෙකුට බද්ධ කිරීමට නියමිත බව වාර්තා විය.
ඔහුගේ වකුගඩු බදුල්ල මහ රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට බද්ධ කිරීමට නියමිතව ඇත.
බදුල්ල මහ රෝහලෙන් ගෙන ගිය චමින්දගේ අවයව ඉවත් කිරීමෙන් පසු ඔහුගේ සිරුර යළි බදුල්ල මහ රෝහලට ගෙනැවිත් මරණ පරීක්ෂණයෙන් පසු පවුලේ ඥාතීන්ට භාරදීමට නියමිතය.
ආත්මාර්ථය වෙනුවෙන්ම කැපවෙන සුවහසක් දෙනා අතරේ, සිය ජීවිතයේ අපහසුම තීරණයක් ගෙන ලොවක් සුවපත් කරන්නට චන්ද්‍රලතාත් දරු දෙදෙනාත් සිත සවිකරගෙන මේ ලබාදුන්නේ මිනිස්කමට නව අරුතක් නොවන්නේද?
-adaderana-

බේකරි හිමියන්ට පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Apple සමාගම හඳුන්වා දුන් iPhone 18 Pro සහ iPhone 18 Pro Max දුරකථනයන්හි පවතින විශේෂාංග
යෝෂිතගේ නඩුවේ බොරු සාක්ෂි දුන් අයෙකුට අධිකරණයෙන් දැඩි අවවාද
ඩිලන්ත මාලගමුව ඇතුළු සිව්දෙනෙකුට විදෙස් ගමන් තහනමක්
දිලිත් ජයවීරගේ රිට් පෙත්සම කැඳවයි
පළමු වටයේ සරසවි වරම් අහිමි වූ සිසුන්ට දැනුම්දීමක්
දෛවඥ සුමනදාස අබේගුණවර්ධන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට
බණ්ඩාරවෙල මහනගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
දුමින්ද දිසානායකට ඇප
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ අලුත්ම තතු