ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට නවක වදය ලබා දුන් බවට පවසමින් කැලණිය
විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු කිරිබත්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඊයේ සිය දේශන අවසන් වීමෙන් පසු ක්‍රීඩා පුහුණුව සඳහා විශ්ව විද්‍යාලයේ ක්‍රිඩාගාරය වෙත යමින් සිටිය දී ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් තමන්ට පහර දුන් බවයි ඔහු පොලිසිය වෙත පැමිණිලි කර ඇත්තේ.
බාහිර පෙනුම සම්බන්ධයෙන් දෝෂාරෝපය කොට කොණ්ඩය හා රැවුල බූගා දමන ලෙසත්, සපත්තු නොදා පාවහන් පළදින ලෙසත් සහ අත්ඔරලෝසු නොපදිලන ලෙසත් පවසමින් ජේ්‍යෂ්ඨ සිසුන් පිරිසක් තමන්ව විශ්වවිද්‍යාල ආපනශාලාව වෙත රැගෙන ගිය බවයි පොලිස් පැමිණිල්ලේ දැක්වෙන්නේ.
පසුව ඉන් තුන්දෙනෙකු මොහුගේ මුහුණට සහ ඇගට පහර දී තිබෙනවා.
පහරදීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිසුන් 7 දෙනෙකු සිටි බවත් ඔවුන් නම් වශයෙන් නොදන්නා නමුත් දුටුව හොත් හඳුනාගත හැකි බවත් අදාළ සිසුවා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
පහරකෑමට ලක්වූ සිසුවා රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක යි.
මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සියලු සිසුන් වෙත පීඨාධිපති විසින් නවක වදය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව නවක වදයට සම්බන්ධ නොවන බවට පවසමින් සිසුන් වෙත ලිඛිතව ප්‍රතිඥාවක් ලබා දෙන ලෙසට යි දැනුම් දී ඇත්තේ.
-hiru-

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි