Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!

1 month ago

අගවිනිසුරුවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ද්වේෂ සහගත ලෙස අපහාස කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කිරීමේ චෝදනාවලට වරදකරු වූ හිටපු නීතිඥ සුසිල් ජයතුංග මහතාට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.

මීට අමතරව ඔහු නීතිඥ ධුරයෙන් නෙරපා හරින ලෙස ද අදාළ තීන්දුව මඟින් නියෝග කර තිබේ. නීතිපතිවරයා විසින් ගොනු කරන ලද පැමිණිලි තුනක් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අචල වෙංගප්පුලි මහතා සඳහන් කළේ, වගඋත්තරකරුට මීට පෙර වැරදි නොමැති වීම සහ ඔහු තිදරු පියෙකු වීම යන මානුෂීය කරුණු කෙරෙහි දඬුවම නියම කිරීමේදී අධිකරණයේ අවධානය යොමු වූ බවයි.

ඒ අනුව, ඔහු රිමාන්ඩ් භාරයට පත් කළ 2024 ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම සිරදඬුවම ක්‍රියාත්මක විය යුතුය.

නඩු විභාගයක් අතරතුර නීතිඥවරයෙකුට නොගැලපෙන සහ අධිකරණයට අපහාසාත්මක වන අයුරින් කරුණු ඉදිරිපත් කිරීම තුළින් ඔහු වෘත්තීය ආචාරධර්ම කඩ කර ඇති බවත්, එම ක්‍රියාවන් මඟින් ඔහු නීතිඥ ධුරය දැරීමට නුසුදුසු පුද්ගලයෙකු බව තහවුරු වන බවත් අධිකරණය අවධාරණය කළේය. ඒ අනුව නීතිඥ වෘත්තියෙන් ඔහු නෙරපා හැරීමට අවශ්‍ය නියෝග නිකුත් කරමින් මෙම නඩු විභාගය අවසන් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *