ෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය මාර්තු 14වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ නියම කර තිබේ.
මෙම නඩුව අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ නඩුවේ වැඩිදුර විභාගය මාර්තු මස 14වනදා කැඳවන ලෙස නියම කළේය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව අල්ලස් කොමිසම ගොනුව තිබේ.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම් කර ඇත.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට