Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීමට ඉන්දීය දූත පිරිසක් දිවයිනට

1 month ago

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාරවරයා සහ අරුණාචල් ප්‍රදේශ් නියෝජ්‍ය මහඇමතිවරයා ඇතුළු දූත පිරිසක් අද (09) දිවයිනට පැමිණියහ. කටුනායක ගුවන් තොටුපොළේදී ඔවුන්ව පිළිගනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය විසිනි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන මහත්වරුන් අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ධාතූන් වහන්සේ පෙබරවාරි 04 වනදා මෙරටට වැඩම කරවන ලදී. ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම ධාතූන් වහන්සේ නමක් ඉන්දියාවෙන් පිටතට වැඩම කරවූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට පෙබරවාරි 11 වනදා දක්වා ජනතාවට අවස්ථාව සලසා දී ඇත. එම වන්දනාමාන කටයුතු අවසන් වීමෙන් පසු ධාතූන් වහන්සේ පෙබරවාරි 11 වනදා නැවත ඉන්දියාවට වැඩම කරවීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *