පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” යලි සළකා බලා සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් 06 ක් විභාගයට ගත් අවස්ථාවේදීයි නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකළේ.
ඒ සමග අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට පෙත්සම්කරුවන්ට අධිකරණය අවසර ලබා දුන්නා.
“පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත” පිළිබඳ මහජනතා අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා අධිකරණ අමාත්‍යවරයා පෙබරවාරි මස 03 වනදා සිට මාසයක කාලයක් ලබා දී තිබෙන බවද නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පැවසූවා.
එම අදහස් හා යෝජනා නීතිපතිවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ අමාත්‍යවරයා යන පාර්ශ්ව නම් කරනු ලබන විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් විසින් සළකා බැලීමට නියමිතයි.
මෙම පෙත්සම් තුළින් ඉදිරිපත් කරන කරුණු ද සළකා බැලීමට නියමිත බවයි ඔහු පැවසූවේ.
ඉන් අනතුරුව එම විශේෂඥ කමිටුව විසින් අදාල පනත් කෙටුම්පතට සිදුකළ යුතු සංශෝධන අඩංගු වාර්තාවක් අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එම සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරි කාලයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍යවරයා අපේක්ෂා කරන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා.
මෙම කරුණු ඇතුළත් කර අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් නීතිපතිවරයා වෙත ඒවා තිබූ ලිපියක් ද ඔහු අධිකරණයට ඉදිරිපත් කළා.

හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්