දැනට වයස අවුරුදු දාහතරක් වන බාල වයස්කාර තම දියණිය , වයස අවුරුදු එකොලහේ සිට මේ දක්වා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ පියෙකු පෙරේදා ( 29 ) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිට ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයට පදිංචියට පැමිණ සිටි 44 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
දැරියගේ මව ඔවුන් අතහැර යාම හේතුවෙන් පියා සහ නැගණිය සමඟ ජීවත් වන අතරතුර දැනට වසර හතරකට ආසන්න කාලයක සිට තමන්ට පියාගෙන් ලිංගික අපයෝජනයන් සිදු වන බව දැරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි .
එම අවස්ථාවන් වලදී තමන් , ඊට අකමැත්ත ප්‍රකාශ කරන විට පියා විසින් බඳ පටිය රැගෙන පහර දෙන බව ද දැරිය ප්‍රකාශ කර ඇතැයි ද වින්දිත දැරියගේ මව ඔවුන් හැර යෑමෙන් අනතුරුව සැකකාර පියා වෙනත් විවාහයන් දෙකක් සිදු කර ගෙන ඇති අතර , සැකකරුගෙන් සිදු වන හිංසනයන් හේතුවෙන් එම කාන්තාවන්ද ආපසු තම නිවස කරා ගොස් ඇති බව අනාවරණය වෙයි .
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයි.

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි