2026 වසරේ ගතවූ ඉතා කෙටි කාලය තුළ මෙරට සංචාරක ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරමින්, දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 400,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන පරිදි, ජනවාරි පළමු වනදා සිට පෙබරවාරි 12 වැනි දින දක්වා වූ කාලය තුළ සංචාරකයින් 401,787 දෙනෙකු මෙරටට පැමිණ ඇත. මෙහි විශේෂත්වය වන්නේ පෙබරවාරි 12 වන දින පමණක් සංචාරකයින් 12,731 දෙනෙකු පැමිණෙමින් වසරේ එක් දිනකදී වාර්තා වූ ඉහළම පැමිණීම සනිටුහන් කිරීමයි.
මෙරටට පැමිණෙන සංචාරකයින් අතර ඉන්දීය ජාතිකයින් ප්‍රමුඛස්ථානය ගෙන ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව 70,880ක් ලෙස වාර්තා වේ.
මීට අමතරව බ්‍රිතාන්‍යයෙන් 44,053ක්, රුසියාවෙන් 36,949ක්, ජර්මනියෙන් 28,332ක් සහ චීනයෙන් 22,309ක් ලෙස වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් ලෙස පිළිවෙළින් වාර්තා වී ඇත. ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය යන රටවලින් ද සැළකිය යුතු සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
පෙබරවාරි මාසයේ මුල් දින 12ක කාලය තුළ පමණක් සංචාරකයින් 124,460 දෙනෙකු මෙරටට පැමිණ තිබීම මෙරට ආර්ථිකයට ඉතා සුබදායී තත්ත්වයක් බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට
කටුවාපිටිය පල්ලිය අන්තවාදීන්ට පෙන්වාදීම ඇතුළු චෝදනා 3ක් සුරේෂ් සලේට එරෙහිව එල්ල වෙයි
ශ්‍රී ලංකාව ආසන්නයේ දී විනාශ කළ ඉරාන නෞකාව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
යුද්ධය අවසන් කිරීමට ඉරානයෙන් කොන්දේසි තුනක් පනවයි
T20 ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ තෑගි මුදල
මධුෂ් ඝාතනය ගැන CIDය විමර්ශනයක් අරඹයි