පැතුම් නිස්සංක ඊයේ(16) රැස්කළේ විශිෂ්ට ශතකය ඔහුගේ විස්සයි-20 ජාත්‍යන්තර දිවියේ දෙවැන්න වන අතර, එය හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.
මෙය ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස්කළ දෙවන ශතකය වන අතර, මීට පෙර එම දක්ෂතාව දක්වා තිබුණේ මහේල ජයවර්ධන පමණි.
එමෙන්ම 2014 වසරෙන් පසු ලෝක කුසලානයකදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පිතිකරුවෙකු රැස්කළ පළමු ශතකය ලෙසද මෙය ඉතිහාසගත වේ.
මෙම තරගයේදී ශ්‍රී ලංකාව හඹාගිය ලකුණු සංඛ්‍යාව, මව්බිමේදී විස්සයි-20 තරගයක සහ ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකව හඹාගිය ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විය.
පන්දුවාර 18ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී මෙම ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, වසර 17කට පසුව ලෝක කුසලාන තරගයකදී ඔස්ට්‍රේලියාව පරාජය කිරීමට සමත් වීම විශේෂත්වයකි.
තරගයෙන් අනතුරුව නායක දසුන් ශානක පල්ලේකැලේ ක්‍රීඩාංගනයට පැමිණ සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට සිය ස්තූතිය පුද කළේය. ශ්‍රී ලංකාව සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙද්දී, ඔස්ට්‍රේලියාවට එම අවස්ථාව හිමිවීමට නම් අද පැවැත්වෙන අයර්ලන්ත – සිම්බාබ්වේ තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්විය යුතුය.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට