Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වාර්තා අලුත් කරමින් 19 හැවිරිදි යුව්රාජ් ලෝක කුසලානයේ දෙවැනි ශතකය වාර්තා කරයි

3 weeks ago

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පැවති වාර්තා අලුත් කරමින්, ලෝක කුසලාන තරගාවලියක ශතකයක් රැස් කළ ලාබාලතම ක්‍රීඩකයා බවට පත්වීමට කැනඩාවේ ආරම්භක පිතිකරු යුව්රාජ් සම්රා අද (17) සමත් විය.

ඉන්දියාවේදී පැවැත්වෙන නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගයේදී මෙම සුවිශේෂී දක්ෂතාවය වාර්තා විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් කැනඩා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී 19 හැවිරිදි යුව්රාජ් සම්රා නවසීලන්ත පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළේය.

ඔහු පන්දු 58ක් පමණක් වැය කරමින් ලකුණු 102ක් රැස් කිරීමට සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැනඩා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 173ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 15යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 176ක් ලබා ගනිමින් එම ඉලක්කය සපුරා ගැනීමට සමත් විය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *