Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ දෙවන වර කියවීම සම්මත වෙයි

3 weeks ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

මෙම තීරණාත්මක පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් හිමිවූ අතර, ඊට විරුද්ධව හිමිවූයේ ඡන්ද 02ක් පමණි.

ඒ අනුව, දීර්ඝ කාලයක් තිස්සේ මහජනතාව අතර දැඩි කතාබහට ලක්ව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත වැඩි ඡන්ද 152කින් සම්මත කර ගැනීමට රජය සමත් විය.

මෙම පියවරත් සමඟ ඉදිරියේදී මන්ත්‍රීවරුන්ට හිමිවූ විශ්‍රාම වැටුප් වරප්‍රසාදය නිල වශයෙන් අහෝසි වනු ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *