උප්පැන්න සහතිකයක් ලියාපදිංචි කර දීම සඳහා රුපියල් 1,000ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබාගත් ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩබලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබීය.
මරදමුණේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් සිය දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කිරීමට පැමිණි අවස්ථාවේදී සැකකාරිය මෙම මුදල ඉල්ලා තිබුණි. ඒ අනුව පෙර අවස්ථාවක රුපියල් 500ක මුදලක් ලබාගෙන ඇති ඇය, ලියාපදිංචි කරන ලද සහතිකය ලබා දීම සඳහා ඉතිරි රුපියල් 500ක මුදල ඊයේ ලබා ගැනීමට උත්සාහ කර ඇත.
පැමිණිලිකාර ව්‍යාපාරිකයා කළ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන්, අදාළ සහතිකය ලබා දී ඉතිරි මුදල ලබා ගන්නා අවස්ථාවේදී සැකකාරිය වැටලීම් කර අත්අඩංගුවට ගෙන තිබේ.

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
හර්දික් පාණ්ඩ්‍යාට එරෙහිව පොලීසියට පැමිණිල්ලක්
ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රමුඛතා බස් රථ සේවාවක්
මහනුවර ජාත්‍යන්තර පාසලක හදිසි අනතුරක්! හත් හැවිරිදි දරුවෙකුට දිවි අහිමි වෙයි!
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් ප්‍රසන්න විජේසිංහ තේරී පත්වෙයි
භූමිතෙල් ලීටර් 4000ක් සමඟ මාට්ටු වූ සැකකරුවන්ට වැඩ වරදී
ඉරාන ප්‍රහාරයකින් තෙල් නැව් දෙකක් ගිනිගෙන දැවෙයි
බ්‍රිතාන්‍යය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලාංකිකයා
ලෝක තෙල් මිල නැවතත් වේගයෙන් ඉහළට
තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය නියෝජිතයන් දස දෙනෙකු පත් කෙරේ
කුමාර් සංගක්කාරගෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්
අස්වැසුම අද බැංකුවට