Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්

3 weeks ago

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සියලු තනතුරු සඳහා සේවකයන් අන්තර්ග්‍රහණය කිරීම මින් ඉදිරියට දේශපාලන මැදිහත්වීම්වලින් තොරව, සුදුසුකම් සහ පළපුරුද්ද මත පමණක් සිදු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. සියලු තනතුරු සඳහා සේවකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙහි මූලික අරමුණ වන අතර ඉදිරි දින කිහිපය තුළ දිවයින පුරා පිහිටි සියලුම ලංගම ප්‍රාදේශීය කාර්යාල හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

මේ අතර, දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වර්ජනය පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ නවක රියදුරන් 31 දෙනෙකු සමඟ හමුදා නිලධාරීන් 20 දෙනෙකු පුහුණුව සඳහා අනුයුක්ත කිරීමට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. දෛනිකව ධාවනය වන දුම්රිය වාර 300ක් පාලනය කිරීමට මෙම නිලධාරීන් 20 දෙනා ප්‍රමාණවත් නොවන නමුත්, ‘දිට්වා’ ආපදා සමයේදී මෙන් ඕනෑම හදිසි අවස්ථාවකදී මහජනතාවට බාධාවකින් තොරව ප්‍රවාහන සේවා සැපයිය හැකි නිපුණතාවයක් සහිත පිරිසක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව බව ඔහු පෙන්වා දුන්නේය.

වෘත්තීය සමිති විරෝධය හේතුවෙන් දේශීය වශයෙන් මෙම පුහුණුව ලබාදීමට බාධා එල්ල වන්නේ නම්, හමුදා නිලධාරීන් වසර කිහිපයකට විදේශ රටවලට යවා හෝ පුහුණු කර විශේෂ ස්වේච්ඡා බලකායක් ලෙස පවත්වාගෙන යාමට රජය පසුබට නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *