කිලිනොච්චිය ප්‍රදේශයේ දිවා කාලයේ නිවෙස් බිඳ දේපල සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කිලිනොච්චිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (13) කිලිනොච්චිය නගරයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අවුරුදු 20 සහ 25 යන වයස්වල පසුවන කිලිනොච්චිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. කිලිනොච්චිය පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ දිවා කාලයේ නිවෙස් බිඳීම් සහ සොරකම් කිරීමේ සිදුවීම් 10කට පමණ මොවුන් අවශ්‍ය කර සිටි බව හෙළි වී තිබේ.
සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා සොරකම් කරන ලද දේපල මේ වන විට පොලීසිය විසින් සොයාගෙන ඇත. මීට අමතරව, මොවුන් විසින් විවිධ බැංකු සහ උකස් මධ්‍යස්ථාන වෙත උකස් කර තිබූ රුපියල් ලක්ෂ 49ක් පමණ වටිනා රන් භාණ්ඩ ද හඳුනාගෙන තිබේ.
උකස් කර ඇති රන් භාණ්ඩ නඩු භාණ්ඩ ලෙස නැවත ලබා ගැනීම සඳහා අවශ්‍ය අධිකරණ නියෝග ලබා ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටී. කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

ශ්‍රී ලංකාව ගෝලීය සාම දර්ශකයේ ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට
හිටපු ජනපති රනිල් යළිත් කරළියට
බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්