ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම පද්ධතියේ හැසිරීම, වර්ධනය සහ ගමන් මාර්ගය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසු වන අතර, එහි බලපෑම හේතුවෙන්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති වන අතර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන බව නිවේදනය කර තිබෙනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබෙනවා.

පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්
මෙවර LPL තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් ගණන 12ක්
ජංගම දුරකථන මිල නගී
මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පෙරළියක්! Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට!
පළාත් සභා මැතිවරණය ගැන ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්
මහින්ද ඉල්ලා අස්වීම බාර දෙයි?