Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජංගම දුරකථන මිල නගී

7 hours ago

වත්මන් වෙළෙඳපොළ තත්ත්වයන් හමුවේ මෙරට විකිණීමට ඇති ජංගම දුරකථනවල මිල ගණන් සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. මිල ගණන් මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් ජනතාව දුරකථන මිලදී ගැනීම ද සියයට 20 කින් පමණ පහත වැටී ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

මිල ගණන් සංසන්දනය කරමින් එම සංගමය සඳහන් කරන්නේ වෙළෙඳපොළේ පවතින මිල අධිකම උපාංගයක් වන නවතම ඇපල් (Apple) වර්ගයේ ජංගම දුරකථනයක මිල රුපියල් 50,000 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම රුපියල් 7,000 ට අඩුවෙන් පැවති සාමාන්‍ය (Budget) ජංගම දුරකථනයක මිල ද රුපියල් 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

ජංගම දුරකථන මිල ඉහළ යාමට ඇමෙරිකානු ඩොලරයේ අගය වෙනස් වීම පමණක් සෘජුව බලපා නොමැති බව “සතිඅග අරුණ” පුවත්පතට අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා ප්‍රකාශ කළේය.

“මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ජනතාව ජංගම දුරකථන මිලදී ගැනීමේ අඩුවක්ද තිබෙනවා. දිනකට ජංගම දුරකථන 100 ක් පමණ අලෙවි කළ වෙළෙඳසලක මේ වන විට දිනකට අලෙවි වන්නේ ජංගම දුරකථන 80ක් පමණයි. ඒ අනුව ජංගම දුරකථන මිලදී ගැනීමද මේ වන විට 20% කින් පමණ අඩු වී තිඛෙනවා ” යැයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සෙනරත් වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *