Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙවර LPL තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් ගණන 12ක්

7 hours ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ (Player Draft) නිල කටයුතු එළඹෙන ජුනි මස 1 වැනිදා කොළඹදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ලොව පුරා විවිධ රටවල් නියෝජනය කරමින් විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සුවිශේෂී සංඛ්‍යාවක් සිය නාමයන් ලියාපදිංචි කර ඇත. කෙසේ වෙතත්, ඉන් විශේෂ පරීක්ෂණ සහ ඇගයීම් ක්‍රියාවලියකින් පසුව වඩාත් සුදුසුකම් ලත් දක්ෂතම විදෙස් ක්‍රීඩකයින් 310 දෙනෙකු පමණක් ජුනි 1 වැනිදා පැවැත්වෙන අවසන් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ ලැයිස්තුව සඳහා තෝරා ගැනීමට නියමිතය.

මෙවර LPL තරගාවලිය කෙරෙහි ජාත්‍යන්තර ක්‍රීඩකයින්ගේ ඇති දැඩි උනන්දුව පෙන්වමින් ලෝක පූජිත ක්‍රිකට් තරු රැසක් මේ සඳහා අයදුම් කර ඇත. ලියාපදිංචි වී ඇති සමස්ත විදෙස් ක්‍රීඩකයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ පාකිස්තානයෙන් වන අතර එම සංඛ්‍යාව 102 කි.

සෙසු ප්‍රධාන රටවල් අනුව ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයින් සංඛ්‍යාව මෙසේය:

  • බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් – 75
  • දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් – 66
  • බංග්ලාදේශය ක්‍රීඩකයින් – 48
  • නවසීලන්ත ක්‍රීඩකයින් – 41
  • ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් – 24
  • එංගලන්ත ක්‍රීඩකයින් – 15
  • ඉන්දියානු ක්‍රීඩකයින් – 12
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *