Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ඇමතිවරයෙකුට එරෙහි තීරණාත්මක නඩු තීන්දු 4ක් අද

35 minutes ago

දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර තිබෙන නඩු හතරක (04) තීන්දුව අද (09) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

සරණ ගුණවර්ධන මහතා 2006 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ කාලසීමාව තුළ එම ආයතනය වෙත කුලී පදනම මත වාහන ලබාගෙන තිබුණි.

එලෙස රීතිවලට පටහැනිව වාහන ලබා ගැනීම තුළින් රජයට විශාල මූල්‍යමය පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩු පවරා ඇත.

මෙම නඩුවල තීන්දුව මීට පෙර පසුගිය මස 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. එහෙත්, එම දින නඩුව කැඳවූ අවස්ථාවේදී විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ තීන්දු මෙතෙක් සූදානම් කර නොමැති බවයි. ඒ අනුව, අදාළ තීන්දු ප්‍රකාශයට පත් කිරීම අද (09) දින සිදු කරන බවට විනිසුරුවරයා නියෝග කර තිබුණි

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *