දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වීමේ හැකියාවක් පවතී.
තද සුළං: මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 40-50ක (40-50 km/h) පමණ තද සුළං ඇති විය හැකිය. සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 30-40ක පමණ තරමක තද සුළං බලාපොරොත්තු විය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතළ වැඩ සහිත සිව්වසරක සිරදඬුවම් නියම කෙරේ! දඩත් පනවයි!
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කෙරේ
උපවාසය අතහැරීමට සලේගෙන් කොන්දේසි
වසර 23 කට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබූ ජය
හිටපු ඇමතිවරයෙකුට එරෙහි තීරණාත්මක නඩු තීන්දු 4ක් අද
භාණ්ඩාගාරයෙන් නැති වුණු මුදල් ගැන කරුණු දැක්වීමට මහ බැංකුවට සතියක කාලයක්
සංඝ කතිකාවතක් ගැන මල්වතු මහ නාහිමිගෙන් ප්‍රකාශයක්
පින්නදූව අධිවේගී පිවිසුමේ බිහිසුණු අනතුරක්! පිරිසක් රෝහලට!
මා ඔය පාලම මතින් වාහන ගමනාගමනය සීමා කරයි – විකල්ප මාර්ග ගැනත් දැනුම්දීමක්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන කතෝලික සභාවේ ස්ථාවරය
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන නිකුත් කරයි
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය නිවේදනය කරයි