Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාලගුණයෙන් රතු නිවේදනයක්

37 minutes ago

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පවතින දැඩි කැළඹිලි ස්වභාවය සැලකිල්ලට ගනිමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නාවික සහ ධීවර ප්‍රජාව වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි “රතු” අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

සම්පූර්ණයෙන්ම යාත්‍රා කිරීම තහනම් ප්‍රදේශ:

  • කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ.
  • විටින් විට පැයට කිලෝමීටර 60-70ක් (60-70 km/h) දක්වා ඉතා තද සුළං ඇති විය හැක.මෙම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින්, නැවත දැනුම් දෙන තුරු මෙම කලාපයට යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැඩිව අවධාරණය කර ඇත.

අනෙකුත් රළු මුහුදු ප්‍රදේශ:

  • ත්‍රිකුණාමලය සිට මුලතිව් හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60ක් දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු වේ.
  • මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 සිට 2.5ක් (2.0 – 2.5 m) දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස සමස්ත ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *