ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන් වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි වැටුප් ගැටලුවට ස්ථිර විසඳුම් ලබා දෙමින්, ඔවුන්ගේ ආරම්භක වැටුප් පියවර විධිමත් කිරීම සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අංක 03/2014 (I) දරන නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.
2026 මැයි මස 11 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලැබුණු අනුමැතියට අනුව මෙම නව වැටුප් සංශෝධනයන් සිදු කර ඇත.
උසස් වීමක් සේ සලකා වැටුප් ගණනය කිරීමට අනුමැතිය
මීට පෙර ක්‍රියාත්මක වූ 03/2014 චක්‍රලේඛයේ 01 වගන්තිය සහ එහි උප වගන්ති වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.
ඒ වෙනුවට ආයතන සංග්‍රහයේ I කාණ්ඩයේ, VII වන පරිච්ඡේදයේ, 05 වන වගන්තිය ප්‍රකාරව නව වගන්‍ති ආදේශ කිරීමට පියවර ගෙන ඇත.
මෙම නව සංශෝධනයට අනුව, මින් ඉදිරියට විදුහල්පතිවරුන්ගේ වැටුප් ගණනය කිරීම “උසස් වීමක් සේ සලකා” සිදු කිරීමට අවශ්‍ය අනුමැතිය හිමිව තිබේ.
මෙය විදුහල්පති සේවයේ නිලධාරීන් මුහුණ දුන් බරපතළ වැටුප් විෂමතාවක් මඟහැරවීමට ගත් සාධනීය පියවරක් බව සඳහන් වේ.
උසස් වීම් සුදුසුකම් සපුරා ගැනීමට විශේෂ සහන කාලයක්
වැටුප් සංශෝධනයට අමතරව, විදුහල්පති සේවයේ උසස්වීම් ක්‍රියාවලියේදී පැනනැඟී තිබූ ප්‍රායෝගික ගැටලුවලට සහනයක් සැලසීමටද අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
විශේෂයෙන්ම 2009 නොවැම්බර් 13 වන දින ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ, 1 වන ශ්‍රේණිය දක්වා වන උසස්වීම් ක්‍රියාවලිය විධිමත් කිරීම මෙහි අරමුණ වේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාවය ඇතිව එම නිලධාරීන් වෙනුවෙන් විශේෂ සහන කාලසීමාවක් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව, අදාළ විදුහල්පතිවරුන්ට තමන්ගේ උසස් වීම් සඳහා වන සුදුසුකම් සපුරා ගැනීම වෙනුවෙන් 2027 දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ සහන කාල සීමාවක් හිමිවන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි
වන අලි පහරදීමකින් දෙදෙනෙකු මරුට
සලේ ගැන එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්
රාජ්‍ය ආයතන 189ක් අතරින් 50කම ඩෙංගු මදුරු කීටයින්
නඩු හතරකට වරදකරු වුණු සරණ ගුණවර්ධනට නියම වුණු දඬුවම
ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ
රුපියල බාල්දු වෙයි! ඩොලරය තවත් නැගිටියි!
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් 99 වැනි වියට පා තබයි
තලවතුගොඩ අවන්හලක ගින්නක්! තිදෙනෙකු ජීවිතක්ෂයට!
කාලගුණයෙන් රතු නිවේදනයක්
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන වරදකරු කෙරේ