හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල’ රැඳවුම් මධ්‍යස්ථානයේ මෑතකදී ඇති වූ ගින්න සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ එහි හිමිකරු ඇප මත මුදාහැරීමට හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කළේය.
සැකකරු අද දින බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හොරණ මහෙස්ත්‍රාත්වරිය විසින් මෙම ඇප නියෝගය ලබා දෙන ලදී.
ඒ අනුව නීතිඥවරුන්ගේ කරුණු දැක්වීමට අනුව මහෙස්ත්‍රාත්වරිය විසින් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත සැකකරු මුදාැරීමට නියෝග කර තිබේ.
කෙසේ නමුත් සැකකරුගේ විදේශ ගමන් තහනමක් පනවා ඇත.
නඩුව මෙම මස 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට