Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි

1 month ago

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය අද (11) ආරම්භ වනවා.

මෙම තරඟාවලිය නි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වෙනනවා.

ඒ අනුව පළමු වරට කණ්ඩායම් 48 ක් දක්වා තරගාවලිය දීර්ඝ කරමින්, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල් තුනේ සම-සත්කාරකත්වයෙන් මෙවර තරගාවලිය පැවැත්වෙනවා.

මෙම තරගාවලිය සත්කාරක නගර 16 කදී, තරඟ 104 ක් පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 48 ක්, කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 12 කට බෙදා ඇති අතර, සෑම කණ්ඩායමක්ම මූලික වටයේ තරඟ තුනක් ක්‍රීඩා කරන අතර එහිදී එක් එක් කාණ්ඩයේ පෙරමුණ ගන්නා හොඳම කණ්ඩායම් දෙක සෘජුවම Knockout වටයට සුදුසුකම් ලබනවා.

මීට අමතරව, තෙවැනි ස්ථාන ලබා ගන්නා හොඳම කණ්ඩායම් අට ද සුදුසුකම් ලබන බැවින්, Knockout වටයට පිවිසෙන සමස්ත කණ්ඩායම් සංඛ්‍යාව 32 ක් වන අතර, එලෙස එම වටයට තේරී පත්වන කණ්ඩායම්වලට, තරග 16 කට ක්‍රීඩා කිරීමට සිදුවන අතර අනතුරුව සුපිරි 16 වටයේදී තරග 8කට ක්‍රීඩා කරන අතර එයින් ජයග්‍රහණය කරන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයේ තරග සඳහා සුදුසුකම් ලබනවා.

ලෝක කුසලාන අවසන් මහා තරගය ජූලි 19 වැනිදා නිව්යෝර්ක් MetLife ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, එහිදී නව පාපන්දු ලෝක ශූරයන් කිරුළු පැළඳීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *