Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025(2026) සාපෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට දැනුම්දීමක්

2 weeks ago

2025 (2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය අද (08) වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පසුගිය ජූනි මස 25 වැනිදා සිට මේ සඳහා අයදුම්කරුවන්ට අවස්ථාව ලබා දී තිබුණි.

පාසල් සහ පෞද්ගලික (Private) යන සියලුම අයදුම්කරුවන් තමන් විසින්ම අන්තර්ජාලය ඔස්සේ මෙම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. තැපැල් මාර්ගයෙන් හෝ වෙනත් කිසිදු බාහිර ක්‍රමවේදයක් හරහා එවනු ලබන අයදුම්පත් කිසිදු හේතුවක් මත භාර නොගන්නා බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

අයදුම්කරුවන් හට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස  අපගේ සේවා ” යටතේ ඇති “Exam Information Centre” මත Click කිරීම හරහා අයදුම් කළ හැකියි වනවා.

පද්ධතියට පිවිසීමේදී පරිශීලක ගිණුමක් ඇති අය තම විභාග අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු අතර, නව පරිශීලකයින් ජාතික හැඳුනුම්පත් අංකය සහ ජංගම දුරකථන අංකය භාවිතයෙන් ලියාපදිංචි විය යුතුයි.

අයදුම්පත් සම්පූර්ණ කිරීමට ප්‍රථම තාක්ෂණික උපදෙස්, පොදු උපදෙස්  කියවීම සහ උපදෙස් වීඩියෝව නැරඹීම, නිවැරදි ආකාරයට අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා අත්‍යවශ්‍ය බවද විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

නැවත සමීක්ෂණය සඳහා එක් විෂයයකට අය කෙරෙන ගාස්තුව රුපියල් 200කි. මෙම ගාස්තු ණය පත් (Credit Card), හර පත් (Debit Card) හෝ දිවයිනේ ඕනෑම තැපැල් කාර්යාලයක් (Post Office) මඟින් ගෙවීමට පහසුකම් සලසා ඇත. ගෙවීම් සාර්ථකව අවසන් වූ පසු අයදුම්පත PDF ආකාරයෙන් බාගත කර (Download) සුරක්ෂිතව ළඟ තබාගත යුතු අතර, ඒ සමඟම අයදුම්කරුගේ දුරකථනයට කෙටි පණිවිඩ (SMS) දැනුම්දීමක්ද ලැබෙනු ඇත.

Online ක්‍රමයට අයදුම් කළ හැක්කේ එක් වරක් පමණක් වන අතර, ගාස්තු ගෙවීම් සිදු කිරීමෙන් පසු කිසිදු හේතුවක් මත එම මුදල් ආපසු ලබා නොදෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලු හෝ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112 785 231 යන නිල දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *