Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මහා සංග්‍රාමය අද මධ්‍යම රාත්‍රියේ

1 month ago

2026 පාපන්දු ලෝක කුසලානයේ ශූරයා තීරණය කරන අවසන් මහා තරගය අද (19) මධ්‍යම රාත්‍රී 12.30ට අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හිදී ආරම්භ වීමට නියමිතයි.

ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ සියලු අවධානය මේ වන විට එම තරඟය වෙත යොමුව තිබෙනවා.

මෙවර ශූරතාව සඳහා තරඟ වදින්නේ වත්මන් ලෝක ශූරයන් වන ආර්ජන්ටිනාව සහ වසර 16කට පසු නැවතත් ලෝක කුසලානය දිනාගැනීමේ අපේක්ෂාවෙන් සිටින ස්පාඤ්ඤයයි.

තරඟාවලිය පුරාම ස්ථාවර ක්‍රීඩා රටාවක් පවත්වාගෙන ආ ආර්ජන්ටිනාව සිය ශූරතාව රැකගැනීමේ අරමුණින් පිටියට පිවිසෙන අතර, තරුණ ක්‍රීඩකයන්ගේ දස්කම් මත ඉදිරියට පැමිණි ස්පාඤ්ඤය නව ලෝක ශූරයන් බවට පත්වීමේ අධිෂ්ඨානයෙන් තරඟයට එක්වනවා.

ලියොනල් මෙසීගේ අත්දැකීම් සහ ස්පාඤ්ඤයේ වේගවත් ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාව හේතුවෙන් මෙම තරඟය ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත් උණුසුම් අවසන් මහා තරගයක් වනු ඇතැයි ක්‍රීඩා විචාරකයන්ගේ මතය අදහසයි.

මෙවර තරගාවලියේ විශේෂත්වයක් ලෙස ශූර කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම වරට නිල ශූරතා මුදු පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කර ඇති අතර, ඒ සඳහා විශේෂ මුදු 2026ක් නිෂ්පාදනය කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *