Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සිදු කෙරේ 

4 weeks ago

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කර තිබේ. 

හිටපු පොලිස්පතිවරයා පසුගිය 17 වෙනිදා උදෑසන සිය නිවසේදී වෙඩි වැදී මියගොස් තිබුණි. 

ඔහුගේ මරණය සියදිවි හානී කරගැනීමක් බවට සැකකෙරෙන අතර සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක පල කරයි.

සී.ඩි.වික්‍රමරත්න මහතාගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ද ලබාදෙන ලදී.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවිය.

1986 වසරේ පොලිස් සේවයට එක්වූ ඒ මහතා, 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

අනතුරුව 2020 වසරේ නොවැම්බර් 27 වනදා ඔහු පොලිස්පති ධුරයට පත් කෙරිණි.

2023 වසරේ මාර්තු 25 වනදා විශ්‍රාම යාමට නියමිතව සිටියද, නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයකදී සේවා දිගු ලබාදීම හේතුවෙන් සී.ඩී. වික්‍රමරත්න මහතා තවත් මාස 8කට ආසන්න කාලයක් පොලිස්පති ධුරයේ කටයුතු කළේය.

ඔහු පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2023 වසරේ නොවැම්බර් 23 වනදාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *