Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තවත් හද කම්පනය කරවන පුවතක්! රැකියාවක් දෙන බව පවසා 16 හැවිරිදි දැරියක් රවටා අපයෝජනය කර ස්පා එකකට දාලා!

2 weeks ago 7.1 K

අන්තර්ජාලය ඔස්සේ සැලුන් රැකියාවක් ලබාදෙන බව පවසමින් කොළඹට ගෙන්වාගත් 16 හැවිරිදි දැරියක් සම්බාහන මධ්‍යස්ථානයකට අලෙවි කළ පුද්ගලයකු මිරිහාන මූලස්ථාන පොලිසිය මඟින් පෙරේදා (22 වැනිදා) අත්අඩංගුවට ලෙන තිබුණා.

එමෙන්ම 16 හැවිරිදි මෙම දැරිය ලිංගික සේවනයට යොදාගත් බව කියන තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන කළමනාකරු, ගොඩනැගිල්ලේ හිමිකරු ඇතුළු තිදෙනකුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි අනාවරණය වන්නේ.

මෙලෙස සම්බාහන මධ්‍යස්ථානයට අලෙවි කර ලිංගික අපයෝජනයට ලක්කර ඇත්තේ මහනුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 යි මාස 09ක් වන දැරියක් බව පොලිසිය සඳහන් කරනවා.

මිරිහාන වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාට ලැබූ තොරතුරකට අනුව තලවතුගොඩ මාර්ගයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක වයස අවරුදු 16ක බාලවයස්කාර දැරියක් සේවයේ යොදවා තිබෙන බවයි.

මේ අනුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් සමඟින් අදාළ සම්බාහන මධ්‍යස්ථානය පෙරේදා රාත්‍රියේ වැටලීමට ලක්කර තිබෙනවා.

එහි සිටි බාලවයස්කාර තරුණියද සොයාගත් අතර ඇයගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඇය ජොබ්ඇඩ් නමැති ෆේස්බුක් පිටුව ඔස්සේ රැකියාවකට අයැදුම් කළ බවත්, ඒ අනුව රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු තමා හා සම්බන්ධ වූ බවත් තමාට සැලුනයක රැකියාවක් ඇතැයි පැවසූ බවත් ඒ අනුව කොළඹට පැමිණි බවත් පොලිසිය හමුවේ ප්‍රකාශ කර සිටියා.

පසුව මෙම පුද්ගලයා අදාළ දැරිය හමුවී තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයට භාරදී තිබෙන බවත්, සම්බාහන මධ්‍යස්ථානයේ හිමිකරු මෙන්ම කළමනාකරු ලෙස කටයුතු කළ 41 හැවිරිදි පුද්ගලයාත්, දැරිය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයාත් ඇය හා ලිංගිකව හැසිර තිබෙන බවත් අනාවරණය වී තිබුණා.

මේ අනුව මෙම තරුණිය රැකියා දෙන බවට රවටා මෙම ස්ථානයට සම්බන්ධ කළ පුද්ගලයාත්, බාලවයස්කාර දැරියක් සම්බාහන මධ්‍යස්ථානයට ගත් හිමිකරුත්, හිමිකරුගේ අනියම් පෙම්වතිය බව කියන 23 හැවිරිදි තරුණියක්, සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන්ව නුගේගොඩ මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතවයි.

පොලිසිය භාරයට ගත් බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර බව පොලිසිය පවසා සිටියා.(source – lankaline)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *