Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රේනෝ සිල්වා ධම්මික පෙරේරාගේ හේලීස්හි ලොකු කොටසක් අත්කර ගනී

2 weeks ago 7.1 K

ශ්‍රී ලංකාවේ වඩාත්ම විවිධාංගීකරණය වූ සමාගමක් වන හේලීස් PLC සමාගමේ තුන්වන විශාලතම කොටස් හිමියා බවට ශ්‍රී ලංකාවේ ප්‍රකට මාධ්‍ය හිමිකරුවකු වන A.B.C බ්‍රෝඩ්කාස්ටින් සමාගමේ සභාපති රේනෝ ද සිල්වා පත්වී ඇත .

රේනෝ ද සිල්වා විසින් පසුගිය සිකුරාදා සහ අඟහරුවාදා හේලීස් හි කොටස් මිලියන 7 ක් පමණ මිලදී ගෙන ඇති අතර එමඟින් ඔහුගේ කොටස් මිලියන 13.5 ක් හෝ 1.8% ක කොටස් දක්වා වැඩි කරගෙන ඇත.

මෙයට පෙර තුන්වන විශාලතම කොටස් හිමියා වූයේ මැක්ලරන්ස් හෝල්ඩිංග්ස් සමාගමයි.

හේලීස් හි 51% කොටස් හිමි ධම්මික පෙරේරා විශාලතම කොටස්කරුවා වන අතර D.S ජයසුන්දර භාරයේ භාරකරුවන්ට 11.6% ක් හිමිවේ.

රේනෝ පළමු අන්තර්වාර ලාභාංශ ප්‍රකාශයට පත් කිරීමට පෙර හේලීස් කොටස් මිලදී ගෙන ඇති අතර අඟහරුවාදා හේලීස් කොටසේ මිල රුපියලකින් ඉහළ ගොස් රුපියල් 91ක් ලෙස සටහන් වූ අතර පසුගිය සතියේ රේනෝ සිල්වා එය මිලදී ගෙන ඇත්තේ කොටසක් රුපියල් 83 බැගිනි.

ඔහු සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස් හිමියා ද වන අතර එහිද වැඩි කොටස් හමිකාරීත්වය ධම්මික පෙරේරා විසින් පාලනය කරනු ලබන වැලිබල් වන් PLC සතු වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *