Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොහොට්ටුවේ ප්‍රබලයෙක් ජනපති සමඟින් එක්වෙයි

2 weeks ago 8.3 K

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම උපරිම සහයෝගය ලබාදෙන බව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

“මාගේ ජීවිත කාලය තුළ ඔබතුමාට විරුද්ධව වැඩ කරපු කෙනෙක්. මම කවදාවත් විශ්වාස කළේ නැහැ ඔබතුමත් එක්ක වැඩ කරන්න ලැබෙයි කියලා. කෙසේවුවත් අද මම ආඩම්බර වෙනවා ඔබතුමාගේ රජයක රාජ්‍ය ඇමතිවරයෙක්වීම ගැන.

අපේ පක්ෂයේ අපේ වැරදිත් තිබ්බා. රජයට පාලනය කරගන්න බැරි අවස්ථාවක ඔබ මේ වගකීම භාර ගත්තා. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ඔබතුමා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර රට ඉදිරියට ගෙන යාමේ අඩිතාලම දැමුවා.

අද ජනාධිපති අපේක්ෂකයින් වැහි වැහැලා. කටින් බතල හිටවන අය මේ රටේ බෝක්කුවක්වත් හදලා නැහැ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා නැවත මේ රට භාරගන්න කියලා. පෞද්ගලිකව මගේ උපරිම සහයෝගය ඔබතුමාට ලබාදෙන බව මම මෙහිදී ප්‍රකාශ කිරීමට කැමතියි.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *