Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු හිඟය පියවීමට ගුරුවරුන් 39,000ක් බඳවා ගන්නා බවට අධ්‍යාපන ඇමතිගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

5 K

ජාතික සහ පළාත් පාසල්වල ගුරු හිඟය සපුරා ගැනීම සඳහා ගුරුවරුන් 39,000ක් බදවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද (06) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ගුරුවරුන් වෙනදා සංඛ්‍යාවට වඩා දෙගුණයක් මෙවර එකවර විශ්‍රාම යෑම නිසා බරපතළ ගුරු හිඟයක් ඇතිවූ බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

“විද්‍යා පීඨ ගුරුවරුන් හත්දාස් පන්සියයකට ලබන 16 වැනිදා පත්වීම් දෙනවා. ජාතික සහ පළාත් මට්ටමින් උපාධිධාරීන් විසිහයදාහක් බදවාගන්න අයදුම්පත් කැඳෙව්වා.

ඒක දැන් අධිකරණය ඉදිරියේ තියෙන්නෙ. ඌන සේවා උපාධිධාරීන්ද මේ විභාගයට අයදුම් කරලා තියෙනවා. සෙනසුරාද විභාගය පවත්වන්න තිබුණා. බ්‍රහස්පතින්දා තහනම් කළා.

අපි ඒ ගැන නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරනවා.

ගණිතය, විද්‍යාව ,තාක්ෂණවේදය භාෂා විෂයයන් සඳහා අවශ්‍ය ගුරුවරුන් හයදහස් බඳවා ගැනීමට අනුමැතිය සති දෙකක් ඇතුළත ලබාගන්නවා.

ජාතික පාසල්වලට පළාත් පාසල්වලට ඒ සඳහා අවසර දෙනවා. අධිකරණ කටයුතු අවසන් කර ගත්තොත් අපිට ගුරුවරුන් 26,000 බඳවා ගැනීම ඉක්මනින්ම කරන්න පුළුවන්.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *