Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවට පැමිණි ඉරාන අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක්

1 week ago 8.1 K

1994 දී බුවනෝස් අයර්ස් හි යුදෙව් ප්‍රජා මධ්‍යස්ථානයේ 85 දෙනෙකුට මරු කැඳවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ආර්ජන්ටිනාව පාකිස්තානයෙන් සහ ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දැනට දෙරටේ සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ නායකත්වයෙන් යුත් ටෙහෙරානයේ දූත පිරිස අතර ඉරාන අමාත්‍ය අහමඩ් වහිඩි ද සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනය වන ඉන්ටර්පෝල් විසින් ‘වහීඩි’ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද නිකුත් කර ඇති බව සඳහන්.

2007 වසරේ සිට ආර්ජන්ටිනාවේ ඉල්ලීම පරිදි ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පෝල් රතු නිවේදනයක් නිකුත් කර තිබු අතර එය 2022 දී යළි අලුත් කරන ලද වරෙන්තුවක් වනවා.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකායේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන වහිඩි 1994 AMIA වෙත එල්ල කළ ප්‍රහාරයේ ප්‍රධාන මහ මොළකරුවෙකු බව ආර්ජන්ටිනාව විසින් මීට පෙර ප්‍රකාශ කර තිබුණා.(source – monara)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *