Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් ඉතිහාසය උඩු යටිකුරු කරයි! නව වාර්තා රැසක්! චමරිගෙන් නොදැවී ලකුණු 195ක්!

4.1 K

එක්දින තරගාවලිය එකට එකක් ලෙස සම කරමින් දකුණු අප්‍රිකාවට සමගින් පැවති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු හයක ජයක් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දු යැවීමට තීරණය කරනු ලැබූ අතර ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

එම ඉනිම වෙනුවෙන් ලෝරා වොල්වාඩ් නොදැවී ලකුණු 184ක් ලබාගත්තාය.

එය ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූයේ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් රැස් කළ 04වන ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 3ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 305ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළහ.

ඒ අනුව කාන්තා එක්දින තරග ඉතිහාසයේ ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹාගොස් ජයගත් පළමු හා එකම කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්විය.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කල චමරි අතපත්තු පන්දු 139 කදී නොදැවී ලකුණු 195 ක් රැස් කළ අතර ඇයගේ ඉනිමට හයේ පහරවල් 05 ක් සහ හතරේ පහරවල් 26 ක් අන්තර්ගත විය.

චමරිගේ ඉනිම කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරගයකදී ක්‍රීඩිකාවක් රැස්කල තෙවන ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙස ක්‍රිකට් වාර්තා පොත් අතරට එක්වනු ඇත.

කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහලම ඉනිම් රැස් කල ක්‍රීඩිකාවන්
අමේලියා කර් – 232 * අයර්ලන්තයට එරෙහිව 2018
බෙලින්ඩා ක්ලාර්ක් – 229* ඩෙන්මාර්කයට එරෙහිව 1997
චමරි අතපත්තු – 195* දකුණු අප්‍රිකාවට එරෙහිව 2024

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *