Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උපකාරක පංති පිළිබඳව තීරණයක් ගනී! ගුරුවරුන්ට තහනමක්!

2 years ago

වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින්, වයඹ පළාත් පාසල් වල ගුරුවරුන්ට තහනමක් පනවා තිබෙනවා.

ඒ, අනුව 2024.01.01 දින ක්‍රියාත්මක වන පරිදි එම පළාත් පාසල් වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම් මහත්මියගේ අත්සනින් යුතුව අදාල නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය කඩ කරමින් කටයුතු කරන ගුරුවරුන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව නොපමාව පියවර ගැනීමට සිදු වන බවද එම නිවේදනයේ සඳහන් වන අතර වයඹ පළාත් පාසල් වල සියළුම විදුහල්පතිවරුන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්.

මෙම තීරණය ගෙන ඇත්තේ, ඇතැම් ගුරුවරුන් තමන් පවත්වනු ලබන පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ සඳහා සහභාගි නොවන තමන් ඉගැන්වීම් කටයුතු කරන පන්ති වල සිටින සිසුන්ව නොසළකා හරිමින් විවිධ මානසික පීඩාවන්ට ලක් කරන බවට දෙමාපියන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින්, වයඹ පළාත් ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව බවයි නයනා කාරියවසම් මහත්මිය පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *