ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපත සිදුවුණු ගම්පහ දිස්ත්‍රික්කය, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක දිස්ත්‍රික්කයක් වනවා. නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ 8 තුළ දී ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබෙන්නේ අවස්ථාවන් 5ක දී පමණයි. ඉන් පැහැදිලි වන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ගම්පහ දිස්ත්‍රික් ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙකම තියුණු සටනක නිරත වී ඇති බව යි.
එක් එක් ආසනයේ සිටින ඡන්ද දායකයන් ගණන
ගම්පහ දිස්ත්‍රික්කය ආසන 13කින් සමන්විත වනවා. පහත දැක්වෙන්නේ වර්තමානය වන විට (2024 ඡන්ද දායකයන්ගේ ලැයිස්තුව අනුව) එම එක් එක් ආසනය තුළ සිටින ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යි.
1) වත්තල- 140,312
2) මීගමුව- 116,798
3) කටාන- 170,300
4) දිවුලපිටිය- 122,872
5) මීරිගම- 139,871
6) මිනුවන්ගොඩ- 155,419
7) අත්තනගල්ල- 152,170
8) ගම්පහ- 169,510
9) ජා-ඇල- 165,989
10) මහර- 175,110
11) දොම්පෙ- 133,081
12) බියගම- 141,857
13) කැළණිය- 97,840
පසුගිය මහා මැතිවරණවල දී දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය
1989-2020 කාල සමය තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ගම්පහ දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලය සටහන් වුණේ මෙසේ යි.
1989 මහ මැතිවරණය
එක්සත් ජාතික පක්ෂය- 10
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය- 7
1994 මහ මැතිවරණය
පොදුජන එක්සත් පෙරමුණ- 11
එක්සත් ජාතික පක්ෂය- 7
2000 මහ මැතිවරණය
පොදුජන එක්සත් පෙරමුණ- 10
එක්සත් ජාතික පක්ෂය- 7
ජනතා විමුක්ති පෙරමුණ- 1
2001 මහ මැතිවරණය
එක්සත් ජාතික පක්ෂය- 9
පොදුජන එක්සත් පෙරමුණ- 7
ජනතා විමුක්ති පෙරමුණ- 2
2004 මහ මැතිවරණය
එක්සත් ජනතා නිදහස් සන්ධානය- 9
එක්සත් ජාතික පක්ෂය- 6
ජාතික හෙළ උරුමය- 2
2010 මහ මැතිවරණය
එක්සත් ජනතා නිදහස් සන්ධානය- 12
එක්සත් ජාතික පක්ෂය- 5
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ- 1
2015 මහ මැතිවරණය
එක්සත් ජාතික පක්ෂය- 9
එක්සත් ජනතා නිදහස් සන්ධානය- 8
ජනතා විමුක්ති පෙරමුණ- 1
2020 මහ මැතිවරණය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 13
සමගි ජන බලවේගය – 4
ජාතික ජන බලවේගය – 1
ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප වාර්තා වුණු අවස්ථා
1989 වසරේ සිට මේ දක්වා පැවති මහා මැතිවරණවල දී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් යම් අපේක්ෂකයෙකු මනාප ලක්ෂ 2කට වැඩියෙන් ලබාගත් අවස්ථාවන් 12ක් හමුවනවා.
1) චන්ද්‍රිකා බණ්ඩාරනායක (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 464,588 (1994 මහා මැතිවරණය)
2) බැසිල් රාජපක්ෂ (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 425,861 (2010 මහා මැතිවරණය)
3) ප්‍රසන්න රණතුංග (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 384,448 (2015 මහා මැතිවරණය)
4) නාලක ගොඩහේවා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- මනාප 325,479 (2020 මහා මැතිවරණය)
5) ප්‍රසන්න රණතුංග (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)- මනාප 316,544 (2020 මහා මැතිවරණය)
6) අනුර බණ්ඩාරනායක (පොදුජන එක්සත් පෙරමුණ)- මනාප 262,051 (2001 මහා මැතිවරණය)
7) කරූ ජයසූරිය (එක්සත් ජාතික පක්ෂය)- මනාප 250,912 (2001 මහා මැතිවරණය)
8) කරූ ජයසූරිය (එක්සත් ජාතික පක්ෂය)- මනාප 237,387 (2000 මහා මැතිවරණය)
9) රන්ජන් රාමනායක (එක්සත් ජාතික පක්ෂය)- මනාප 216,463 (2015 මහා මැතිවරණය)
10) විජිත හේරත් (එක්සත් ජනතා නිදහස් සන්ධානය)- මනාප 215,540 (2004 මහා මැතිවරණය)
11) සිරිමාවෝ බණ්ඩාරනායක (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය)- මනාප 214,390 (1989 මහා මැතිවරණය)
12) කරූ ජයසූරිය (එක්සත් ජාතික පක්ෂය)- මනාප 202,029 (2004 මහා මැතිවරණය)