ලෝකය 2026 වසර වෙත ළඟා වන මේ අවධියේ, අනාගතය පිළිබඳ පැරණි අනාවැකි යළිත් එක්වරක් ජාත්‍යන්තර අවධානයට ලක්ව තිබේ. ඒ අතරින් විශේෂයෙන් කතාබහට ලක්වන්නේ, ලොව ප්‍රකට දෛවඥවරියක වූ බල්ගේරියානු ජාතික අන්ධ කාන්තාවක වන බාබා වැන්ගා විසින් 2026 වසර සම්බන්ධයෙන් පළ කළ බව කියන අනාවැකි වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඇයගේ මෙම අනාවැකි තාක්ෂණය, සදාචාරය, ආර්ථිකය, සෞඛ්‍යය සහ ගෝලීය දේශපාලනය යන ක්ෂේත්‍ර රැසක් අල්ලාගෙන ඇති බවයි.
බාබා වැන්ගාගේ අනාවැකිවලට අනුව, 2026 වන විට මිනිස් සමාජය “සීමාව ඉක්මවා ගොස් ඇති” බව මිනිසුන්ට පැහැදිලිව වැටහෙන අවස්ථාවක් උදා වනු ඇත. එය එක් විශේෂ සිදුවීමක් හේතුවෙන් නොව, ලෝකය පුරා එකට එකතු වන ගෝලීය නොසන්සුන්තාව, නව විද්‍යාත්මක සොයාගැනීම් සහ සමාජ පරිවර්තන හරහා සිදුවන අවබෝධයක් ලෙස ඇය විස්තර කර ඇතැයි සඳහන් වේ.
ඇයගේ අනාවැකි අනුගමනය කරන පිරිස් පෙන්වා දෙන්නේ, මෙම “සීමාව ඉක්මවා යාම” විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) සහ උසස් තාක්ෂණික වර්ධනයන් සමඟ සෘජුව සම්බන්ධ බවයි. 2026 වන විට තාක්ෂණය එතරම් ඉහළ මට්ටමකට වර්ධනය වනු ඇති අතර, එය මිනිසුන්ව පාලනය කිරීමට පවා හැකි තත්ත්වයකට ළඟා විය හැකි බව ඇය අනතුරු අඟවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ආර්ථික අංශය සම්බන්ධයෙන්ද බාබා වැන්ගා දැඩි අනාවැකි කිහිපයක් පළ කර ඇතැයි කියවේ. 2025 වසරේ ආරම්භ වන බව පවසන ලෝක ආර්ථික අර්බුදය 2026 වසර දක්වාම දිග හැරෙමින් ලොව පුරා රටවල් බහුතරයක් දැඩි ආර්ථික පීඩනයකට ලක් කරනු ඇති බව ඇයගේ දර්ශන පෙන්වා දී ඇතැයි අනුගමිකයෝ පවසති.
විද්‍යාව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ ඇයගේ අනාවැකි ද ලෝකයේ විශේෂ අවධානයට ලක්ව තිබේ. 2026 වන විට අවම වශයෙන් එක් ප්‍රධාන රටක හෝ පිළිකා රෝගය කලින් හඳුනාගත හැකි විශේෂ රුධිර පරීක්ෂණයක් හඳුන්වා දීමට හැකි වනු ඇති බව ඇය පවසා ඇති බව සඳහන් වේ. එමගින් පිළිකා කල්තියා හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කිරීමට වෛද්‍යවරුන්ට හැකි වුවද, එහි පිරිවැය සහ සීමිත පිරිසකට පමණක් එම පහසුකම් ලැබීම වැනි ගැටළු මතු විය හැකි බවද ඇය අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.
කෘත්‍රිම ජීව විද්‍යාව සහ අවයව ප්‍රතිස්ථාපනය පිළිබඳ දියුණුව සම්බන්ධයෙන්ද බාබා වැන්ගා වැදගත් අනාවැකි ඉදිරිපත් කර තිබේ. 2046 වසර වන විට කෘත්‍රිම අවයව මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම සම්භව බවට පත්වනු ඇතැයි ඇය විශ්වාස කර ඇති අතර, එය මිනිස් ජීවිතයේ ස්වභාවයම වෙනස් කරනු ඇති බවටද ඇය අනතුරු අඟවා ඇතැයි සඳහන් වේ.
ගෝලීය දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇයගේ අනාවැකි තවදුරටත් විවාදාත්මකය. නැගෙනහිරින් ආරම්භ වන යුද්ධයක් බටහිර දෙසට ව්‍යාප්ත වී බටහිර ලෝකය විනාශයට පත් වනු ඇති බව ඇය පවසා ඇති බව අනුගමිකයෝ කියති. මෙම ගැටුම් අතරතුර රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ලෝක නායකයෙකු ලෙස නැගී සිටින බවත්, “ලොව අධිපති” බවට පත්වන පුද්ගලයා ලෙස ඇය ඔහුව සඳහන් කර ඇති බවත් ඔවුන් විශ්වාසය පළ කරයි. එසේම, දැනට පවතින ඊශ්‍රායල්–පලස්තීන ගැටුම් 2026 වන විට එකිනෙක සම්බන්ධ වී තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීමට ඉඩ ඇති බවත් ඇයගේ අනාවැකිවල සඳහන් බව කියවේ.
1996 වසරේදී පියයුරු පිළිකාවකින් මියගිය බාබා වැන්ගා, වසර 5079 දක්වා විහිදෙන අනාවැකි දහස් ගණනක් ඉතිරි කර ඇති බව ඇයගේ අනුගාමිකයෝ පවසති. එහෙත් ඇයගේ අනාවැකි පිළිබඳ සෘජු ලිඛිත වාර්තා නොමැති අතර, එම කරුණු ඇයගේ ලේලිය වන ක්‍රසිමිරා ස්ටෝයනෝවා ඇතුළු ඥාතීන් හරහා පරම්පරාවෙන් පරම්පරාවට පැමිණ ඇති බව සඳහන් වේ.
9/11 ප්‍රහාරය සහ ඩයනා කුමරියගේ මරණය වැනි ලෝක සිදුවීම් ඇය නිවැරදිව අනාවැකි කළ බව ආධාරකරුවන් පවසන අතර, විචාරකයින්ගේ මතය වන්නේ මෙම අනාවැකි ඕනෑම ආකාරයකට අර්ථකථනය කළ හැකි පුළුල් ප්‍රකාශ පමණක් බවයි. කෙසේ වෙතත්, 2026 වසර ළඟා වෙත්ම බාබා වැන්ගාගේ මෙම අනාවැකි යළිත් ලෝකයේ විශාල කතාබහකට ලක්වීම අනිවාර්ය බව පෙනී යයි.

බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනි ජීවිතක්ෂයට
රජරට සරසවි ආචාර්යවරු සහ මහාචාර්යවරු වැඩවර්ජනයක
කේරල ගංජා සමඟ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්! මන්ත්‍රීවරුන්ගෙන් ජල ප්‍රහාරයක්!
අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න
රුසියන් ජනපති පුටින්ගේ නිල නිවසට ඩ්‍රෝන ප්‍රහාරයක්?
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර 2ක් අලුත්වැඩියාවක! මෙගාවොට් 600ක් විදුලිබල පද්ධතියට අහිමි වෙයි!
අද තද වැසි වැටෙන ප්‍රදේශ
හෙට කොළඹ එද්දි බලාගෙනයි! විශේෂ රථවාහන සැලැස්මක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවෙන් එල්ල වූ දැඩි විරෝධය
T20 වාර්තා පොත අලුත් කළ භූතානයේ සෝමන්
තවත් ඛේදවාචකයක්! ගිංඔයට පැන්න සිසුවියගේ සිරුර හමුවෙයි!