Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාරා ජස්මින් මියගොස් නැහැ! පාස්කු ප්‍රහාරය පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු රැසක් එළියට!

4 months ago

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ ප්‍රබල සාමාජිකාවක වූ පුලස්තිනි මහේන්ද්‍රන් හෙවත් ‘සාරා ජස්මින්’ මියගොස් නැති බවට විමර්ශන අංශ මගින් කරුණු අනාවරණය කරගෙන ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පසුගිය රජය සමයේ ඇය මියගොස් ඇති බව තහවුරු කිරීමට උත්සාහ කළද, වත්මන් විමර්ශන මගින් එම මතය බිඳවැටී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, සාරා ජස්මින් මෙරටින් පලාගොස් ඇති බවට සැක පවතින බැවින් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය වුවහොත් ඉදිරියේදී විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඇය ඉන්දියාවේ රැඳී සිටින බවට මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැති වුවද, ඒ පිළිබඳව ගැඹුරු විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“පාස්කු ප්‍රහාරය පිටුපස කිසියම් දේශපාලන හෝ වෙනත් කුමන්ත්‍රණයක් පැවතියේද යන්න පිළිබඳව නව රජය යටතේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මේ වන විට ඉතා ගැඹුරු විමර්ශනයක් සිදුවෙමින් පවතිනවා. ඇතැම් සංවේදී තොරතුරු විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුවට හෙළි කළ නොහැකියි,” යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවා විපක්ෂයේ සිටියදී සාරා ජස්මින් ඉන්දියාවේ සිටින බව ප්‍රකාශ කළ බවයි. විදේශගතව සිටින පාතාල සාමාජිකයන් ගෙන්වීමට පියවර ගන්නා ආකාරයටම ඇය සම්බන්ධයෙන්ද කඩිනමින් විවෘත වරෙන්තුවක් ලබා නොගන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් ආනන්ද විජේපාල මහතා යළිත් අවධාරණය කළේ, අවශ්‍යතාවය පරිදි ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග සහ වරෙන්තු ලබාගැනීමට රජය කිසිසේත් පසුබට නොවන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *