Apple සමාගම විසින් iPhone භාවිතාකරුවන්ට සිය උපාංග වහාම යාවත්කාලීන කරන ලෙස හදිසි ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
Apple සමාගම පවසන්නේ, “ඉතා සංකීර්ණ” ලෙස විස්තර කළ සයිබර් ප්‍රහාරයන්හිදී සිදුවිය හැකි බරපතළ මෘදුකාංග දුර්වලතා දෙකක් හඳුනාගෙන ඇති බවයි.
මෙම සතියේ නිකුත් කළ ආරක්ෂක නිවේදනයකට අනුව, මෙම දෝෂය Safari විසින් භාවිතා කරන බ්‍රව්සර් එන්ජිම වන WebKit බ්‍රව්සර් එන්ජිම සහ iOS හි සියලුම තෙවන පාර්ශවීය බ්‍රව්සර් වලට මෙය බලපා ඇති බවයි.
මෙම දුර්වලතා හේතුවෙන්, පරිශීලකයෙකු අනිෂ්ට වෙබ් අඩවියක් නැරඹීමෙන් පමණක්, උපාංගයට හානිදායක code ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බවයි Apple සමාගම පෙන්වා දෙන්නේ.
මෙම ගැටලු නිරාකරණය කිරීම සඳහා Apple විසින් iPhone, iPad සහ අනෙකුත් Apple උපාංග සඳහා හදිසි යාවාත්කාලීන (emergency software update) කිරීමක් නිකුත් කර ඇති අතර, ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා එම යාවත්කාලීනය වහාම ස්ථාපනය කරන ලෙස පරිශීලකයින්ට දැඩි ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
Apple සමාගමේ iPhone පරිශීලකයින් ගණන බිලියන 1.8කට ආසන්න වුවද, මෙම අනතුරු ඇඟවීම මගින් ඒ සියලුම උපාංග විශාල බිඳ වැටීමකට ලක්ව ඇති බවක් අර්ථ නොකෙරෙන බව සහ මෙම updates ස්ථාපනය නොකළහොත් ඇතිවිය හැකි අවදානම පිළිබඳ අවධානය යොමුකළ යුතු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
මෙම ප්‍රහාරයන් පිටුපස සිටින පාර්ශවය හෝ ඉලක්ක වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු Apple විසින් ආරක්ෂක හේතු මත අනාවරණය කර නොමැති අතර Apple සමාගම පවසන්නේ, මෙම සිදුවීම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර, සියලුම පරිශීලකයින් තම උපාංග නවතම ආරක්ෂක updates සමඟ නිතරම යාවත්කාලීන කර තබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්