ෆේස්බුක් (Facebook) පරිශීලකයින්ට තම පෝස්ට් හරහා බෙදාගත හැකි ලින්ක් (Links) ප්‍රමාණය සීමා කිරීමට සහ වැඩිපුර ලින්ක් බෙදාගැනීම සඳහා මාසික ගාස්තුවක් අය කිරීමට Meta සමාගම සූදානම් වනවා.
ඒ අනුව ෆේස්බුක් හරහා මසකට ලින්ක් 2 කට වඩා බෙදාගැනීමට අවශ්‍ය නම්, මසකට ස්ටර්ලින් පවුම් 9.99 ක (මෙරට මුදලින් රුපියල් 4142ක් පමණ) දායකත්ව ගාස්තුවක් ගෙවීමට සිදුවන බව දැනුම් දී ඇතැයි විදෙස් වාර්තා පවසනවා.
මෙම පරීක්ෂණය දැනට එක්සත් රාජධානියේ (UK) සහ ඇමරිකා එක්සත් ජනපදයේ (US) සිටින තෝරාගත් පරිශීලකයින් පිරිසක් සඳහා ක්‍රියාත්මක බව සඳහන්.
මෙය ප්‍රධාන වශයෙන් ෆේස්බුක් හි ‘Professional Mode’ හෝ ‘Pages’ භාවිතා කරන නිර්මාණකරුවන්ට (Creators) සහ ව්‍යාපාරිකයින්ට බලපාන බව Meta සමාගම පවසනවා.
සමාජ මාධ්‍ය විශේෂඥ මෑට් නවාරා පවසන පරිදි, ඔහුට ලැබුණු දැනුම්දීමකට අනුව දෙසැම්බර් 16 වනදා සිට මසකට බෙදාගත හැකි ලින්ක් ප්‍රමාණය දෙකකට සීමා වනවා.
මෙම වෙනසට හේතුව ලෙස සමාජ මාධ්‍ය විශේෂඥයින් පවසන්නේ Meta සමාගම සිය වේදිකාවලින් මුදල් ඉපයීමට හැකි සෑම ක්‍රමයක්ම සොයමින් සිටින බවයි.

හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!