බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදයි.
වසරේ පළමු පොහොය අද වීමත් විශේෂත්වයක්.
මහියංගනයට වැඩම කළ බුදුන්වහන්සේ යක්ෂයන් දමනය කිරීම අද වැනි දිනක සිදුවූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.
බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි කේශ ධාතු මිටක් ලබාදීම මෙහිදි සිදුකර තිබෙනවා.
එම ධාතු නිධන් කොට මහියංගන චෛත්‍යය ඉදිකර ඇති බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
බිම්බිසාර රජු විසින් බුදුරදුන් ඇතුලු මහ සඟරුවනට වේළුවනාරාමය පුජා කර ඇත්තේ ද දුරුදු පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වනවා.
තුන්බෑ ජටිලයන් දමනය කිරීමත් සිදුවී ඇත්තේ ද අද වැනි දුරුතු පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
දුරුතු පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජාවලට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් පැවැත්වෙනවා.

බලශක්ති අර්බුදයක් පිළිබඳව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් අනතුරු ඇඟවීමක්
දඹුල්ලෙන් ආරම්භ වන සාම පාගමනේ ගමන් මග
කොළඹ ඇතුළු ජනාකීර්න ප්‍රදේශවලට බෝම්බ ප්‍රහාර මාලාවක්? පොලිසියෙන් පැහැදිලි කිරීමක්
රටම බලා සිටි පත්ල පහත් බස් රථ සේවාව මාකුඹුරින් ඇරඹෙයි
හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අත්අඩංගුවට
අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් ලද ආදායම
ඉරානයෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්
2026 මුල් මාස 03 දී ලංකා IOC සමාගමට බිලියන ගණනක ශුද්ධ ලාභයක්
ඇපල් සමාගමේ නායකත්වයේ වෙනසක්! ටිම් කුක් CEO ධුරයෙන් ඉවත් වෙයි!
සාමයේ පා ගමන ගැන ජනපති අනුරගෙන් X සටහනක්
සනත් ජයසූරිය වසර 18ක් පුරා රැකගෙන සිටි වාර්තාවක් සම කළ තිලක් වර්මා
සාම පාගමන වෙනුවෙන් පූජ්‍ය පඤ්ඤාකර හිමි ප්රමුඛ මහා සංඝරත්නය දිවයිනට! ‘ආලෝකා’ ත් එයි!