තමන් භාවිතාකරන Gmail ලිපිනයේ නම වෙනස්කිරීමේ බලාපොරොත්තුවෙන් සිටියත්, ඒ සඳහා අවස්ථාවක් නොමැතිව සිටි පරිශීලකයින්ගේ එම දිගු කාලීන ගැටලුවට විසදුමක් ලබාදීමට Google සමාගම මේ වනවිට සූදානම් කරමින් සිටිනවා.
ඒ අනුව මෙම නව පහසුකම ක්‍රියාත්මක කිරීමත් සමග දැනට භාවිතාකරන email ලිපිනයට බලපෑමක් නොවන ලෙස එහි අවශ්‍ය නාමය වෙනස්කිරීමට අවස්ථාව උදාවනු ඇති.
මෙමගින් පරිශීලකයින්ට නව ගිණුමක් නිර්මාණය නොකර පවත්නා ගිණුමේ තොරතුරු වෙනස් කිරීමකින් තොරව නව Gmail පරිශීලක නාමය තෝරා ගැනීමට හැකියාව හිමිවනවා.
ඒ අනුව පරිශීලකයින්ට ඔවුන්ගේ වත්මන් @gmail.com ලිපිනය නව ලිපිනයකින් වෙනස් කිරිමේ හැකියාව හිමිවනු ඇති.
කෙසේ නමුත් ‘@gmail.com’ සමග අවසන් වන විද්‍යුත් තැපැල් ලිපිනයක් භාවිතා කරන ලිපිනයන් සඳහා පමණක් මෙය අදාළ වන බව සඳහන්.
ඒ අනුව custom domains, කාර්යාල සහ පාසල් ලිපිනයන් සඳහා භාවිතා කරන ලිපිනයන්ගේ නාමයන් මේ යටතේ වෙනස්කිරීමට හැකිවන්නේ නැහැ.
එමෙන්ම නව විද්‍යුත් ලිපිනයද @gmail.com සමග ද අවසන් විය යුතු අතර Google සමගම විසින් මෙම නව ක්‍රමයේ අනිසි භාවිතය වැළැක්වීම සඳහා සීමාවන් පනවා තිබෙනවා.
ඒ අනුව එක් @gmail පරිශීලක නාමයක් එක් වරක් වෙනස් කිරීමෙන් පසු නැවත වෙනසක් කිරීමට හැකි වනුයේ මාස 12ක කාලයකින් පසුවයි.
මෙම කාල සීමාව තුළ, අවශ්‍ය නම් පෙර ලිපිනයට ආපසු යාමට පමණක් හැකි වනු ඇති.

වෙඩි තැබීමකින් බැකෝ සමන්ගේ මව මරුට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
හිටපු ඇමති අකිල විරාජ්ගේ ඉන්ධනහලේ සේවකයෙක් රිමාන්ඩ්
ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු දමයි
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ජනපති සමඟ සාකච්ඡාවෙන් පස්සේ එළියට බැස්ස නීතිඥවරු කී දේ
අපි උසාවි යනවා – ජී.එල්. පීරිස්
මල්වතු මහනාහිමි කනස්සල්ලෙන්
රජයේ සේවකයින්ගේ වැටුප් ඉහළට
නිදන් හාරන්න ගිය හතරක් කොටු
රුපියල යළිත් නැගිටියි
යෝෂිත CID යෙන් පිටව යයි