ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය තිබෙන බවට ලේබලයේ සඳහන් කර හිසකෙස් ආලේපන වර්ගයක් (Hair Miracle) මාර්ගගත (Online) ක්‍රමයට අලෙවි කළ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රාට අයත් සමාගමක් ඇතුළු සමාගම් දෙකකට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 20,000 බැගින් දඩ මුදල් දෙකක් නියම කර තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්‍රමයට අලෙවි කරන මෙම හිසකෙස් ආලේපන වර්ගය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
එම පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම හිසකෙස් ආලේපන වර්ගය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබාගෙන නොමැති නමුත් එහි අනුමැතිය ඇති බව ලේබලයේ සඳහන් කර තිබෙන බවයි.
එමෙන්ම අදාළ ආලේපන නිෂ්පාදකයාගේ ලිපිනය හෝ දුරකථන අංකය ඇසුරුම්වල සඳහන් කර නොතිබූ බවද පරීක්ෂණවලදී තහවුරුවී තිබෙන බව වාර්තා වනවා.
මෙම කරුණු හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අදාළ නිෂ්පාදනය වෙළෙඳපොළට ඉදිරිපත් කළ කොළඹ 08, කාසල් වීදියේ පිහිටි සමාගමට සහ ආලේපනය නිෂ්පාදනය කළ වැලිවේරිය, කිරිකිත්ත ප්‍රදේශයේ පිහිටි සමාගමට විරුද්ධව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.
ඒ අනුව අදාළ සමාගම් දෙක විසින් අධිකරණය ඉදිරියේ වරද පිළිගෙන ඇති අතර එම සමාගම් දෙකට අධිකරණය විසින් රුපියල් 20,000 දඩ මුදල් දෙකක් නියමකර ඇති අතර, ‘ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) අනුමැතිය ලබා ඇත’ යන අසත්‍ය වගන්තිය ආලේපනයේ ලේබලයෙන් ඉවත් කර ජනවාරි මස 20 වැනිදා නැවත අධිකරණයට වාර්තා කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් සචිනි අයේන්ද්‍රාට අයත් එම සමාගමෙන් නිවේදනයක් නිකුත් කර තිබුණි.
එම නිවේදනය පහතින්.


හොර හරක් ලොරියට වෙඩි
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
විමල්ට වැඩ වරදී! ඇමති නලින්දගෙන් එන්තරවාසියක්!
පූජ්‍ය කොටපිටියේ අනුනායක හිමියන්ගෙන් ආණ්ඩුවට අවවාදයක්
නීතිඥවරයෙකුට වසර 3ක සිරදඬුවම්! නීතිඥ භාවයෙන් නෙරපන්නත් නියෝග!
සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා නවතම Browns EV රථය (ඡායාරූප)
අද දවසේ කාලගුණය
ජපාන මහ මැතිවරණයෙන් පාලක පක්ෂයට දැවැන්ත ජයක්
දසුන් ශානකගේ නම ඉදිරියේ ලියවුණු අමිහිරි වාර්තාව
ඇමති බිමල් දැඩි තීරණයක් ගැනීමට සැරසෙයි
ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහීව ලෝක කුසලාන ගමන අරඹයි! පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක්!