Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අලුත් අවුරුදු නැකත් පිළිබඳව සංස්කෘතික අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්! නිවැරදි නැකත් සීට්ටුව මෙන්න!

21.3 K

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හෙට දිනයේ උදාවීමට නියමිතයි.

ප්‍රවීණ ජ්‍යෙතී­ර්වේ­දීන් 22 දෙන­කු­ගෙන් සම­න්විත රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන ලද නැකත් සීට්ටු­වට අනුව සිංහල හා දෙමළ අලුත් අවු­රුදු නැකත් චාරිත්‍ර ඉටු කරන ලෙස බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාං­ශය ජන­තා­ව­ගෙන් ඉල්ලා සිටිනවා.

පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදව
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල අලුත් අවුරුද්ද උදාවවනවා.

පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 2.41 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍යකාලයේ අපර කොටස එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා අපරභාග 9.05 සිට 14 වන ඉරිදා අලුයම 3.29 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදි නැකත් චාරිත්‍ර විධී ඉටුකිරීම සිදු කරනු ලබනවා.

ආහාර පිසීම
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා රාත්‍රී 11.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තල උක් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වන සෙනසුරාදා මධ්‍යම රාත්‍රී 12.06 ට හෙවත් අප්‍රේල් 14 ඉරිදාට එළිවන පාන්දර 00.06 ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.

හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන සදුදා පූර්වභාග 10.17 ට ශ්වේත වර්ණ හෙවත් සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට දිවුල්පත් ද පයට ඉඹුල්පත් ද තබා දිවුල්පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.

රැකිරක්‍ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බදාදා පූර්වභාග 6.52 ට කොල පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

පැළ සිටුවීම
අප්‍රේල් මස 18 වැනි බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *