Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකුට දිවි අහිමිවෙන ඛේදවාචකය

2 weeks ago 7.5 K

යුද ගැටුම්වල බලපෑම හේතුවෙන් ගාසා තීරයේ සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකු මියයන බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය අනාවරණය කර තිබේ.

එම ඒජන්සිය පෙන්වා දෙන්නේ දෛනිකව විවිධ තුවාලවලට ලක්වන සහ සෞඛ්‍යමය ගැටලු ඇතිවන දරුවන්ගේ සංඛ්‍යාව ද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි.

පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ගේ දත්ත වාර්තාවන්ට අනුව යුද්ධය හේතුවෙන් මේ වනවිට පලස්තීනුවන් 34,049 මියගොස් තවත් පුද්ගලයින් 76,901 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය සිය වාර්තාවක් මඟින් පෙන්වා දෙන්නේ ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බවයි.

ඊශ්‍රායලය දිගින් දිගටම මෙලෙස ප්‍රහාර එල්ල කරන්නේ ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු පවා නොතකමිනි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *