Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනපතිගේ අවුරුදු උත්සවයට එක් වූ විපක්ෂයේ මන්ත්‍රීවරයා

4.6 K

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය ඊයේ (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා පැය කිහිපයක් එම ස්ථානයේ ගත කළ අතර පාපැදි තරගයේ ජයග්‍රාහයකයන්ට ත්‍යාග ලබාදීමද ජනාධිපතිපතිවරයා අතින් සිදුවිය.

එමෙන්ම පැමිණ සිටි ජනතාව සමඟ ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතවූ අතර එම ජනතාව ඉදිරිපත් කළ ගැටළු වලට විසඳුම් ලබාදීමටද පොරොන්දු විය.

මෙම අවුරුදු උත්සවය සඳහා සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ප්‍රාදේශීය දේශපාලනඥයින් පිරිසක් ද එක්ව සිටියහ.

විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ද ජනාධිපතිවරයා සමග මෙම අවුරුදු උත්සවයට සහභාගී වී සිටින ආකාරයත් ජනාධිපතිවරයා සමග වේදිකාවේ සමීපව අසුන් ගෙන සිටින ආකාරයත් දැකගත හැකි විය.

ඔහු දිගින් දිගටම ආණ්ඩුවට විරුද්ධ මතවාදයක සිට කටයුතු කළ අයෙක් වීම විශේෂත්වයකි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *