ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වූවා.
සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කර තිබෙන අතර, මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි.
ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින් “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාව අනුව මෙම මුදල් නෝට්ටුව නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති කේ.එම්.ඒ.එන්.දවුලගල, සහකාර අධිපති කේ.ජී.පී.සිරිකුමාර, ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිපති පී.ඩී.ආර්. දයානන්ද යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියා.

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක බෙන් ඩකට්ට පැනවූ තහනම
මැදපෙරදිග යුද්ධයෙන් යළි ගුවන් ගමන්වලට බාධාවක්
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට
රටවල් කිහිපයක LNG සැපයුම අඩාලකළ කටාර් රාජ්‍යයේ නිවේදනය
බොරතෙල් මිල වේගයෙන් පහතට
වැඩිහිටි දීමනාව පිළිබඳව දැනුම්දීමක්
පොලී අනුපාත පිළිබඳව මහ බැංකුව ගත් තීරණය
විපක්ෂයේ පක්ෂ එකට එක්වෙයි! ජාත්‍යන්තර සංවිධාන රැසකට ලිපි යවයි!
බලශක්ති ඇමති ජනතාවගේ සහාය පතයි
යුද්ධය අවසන් කිරීම ගැන අමෙරිකාවෙන් ඉරානයට කරුණු 15ක යෝජනාවලියක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්
ජනපති අනුර හා මෝදි අතර තීරණාත්මක දුරකථන සංවාදයක්