මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අනාගතයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තිස්සමහාරාම, අකුරුගොඩ සිරි මංගල විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක්වීමෙන් අනතුරුව, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීය. ඔහු අවධාරණය කළේ රජය විසින් කළ යුත්තේ සුරේෂ් සලේ මහතා රට වෙනුවෙන් ඉටුකළ සේවය ඇගයීමට ලක් කිරීම මිස, ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නොවන බවයි.
තම පාලන කාලය තුළ රජය කටයුතු කළ ආකාරය සිහිපත් කළ රාජපක්ෂ මහතා, සම්බුද්ධ ශාසනය සැමවිටම ප්‍රමුඛස්ථානයේ තබා රාජ්‍ය පාලනය මෙහෙයවූ බව ද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විදෙස් ප්‍රේෂණ ලැබීම් ඉහළට
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද
ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්
අද කාලගුණයේ දැනෙන වෙනසක්
දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනයකට සැරසෙයි
දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය ගැන ජගත් සංවිධානයේ කනස්සල්ල
ශිරාන් බාසික්ගේ පියා රිමාන්ඩ්
මුවන්, මස්කර විකිණූ ගුවන් හමුදාවේ 5ක් අත්අඩංගුවට
කැලණි ගඟේ අභිරහස් මළ සිරුරක්
1950 වසරෙන් පසු මෙරටට බලපැවැත්වෙන ප්‍රබලම එල් නිනෝවක් මෙවර! නවතම පුරෝකථනය මෙන්න!
ගුරුසේවයේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා සහනයක්