ප්‍රකට රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් කොළඹ රෝයල් මාස් එරීනා පරිශ්‍රයේදී සංවිධානය කරන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගාවලියක් අතරතුර, ආරක්ෂිත සත්වයෙකු වන පිඹුරකු ගෙලෙහි දවටාගෙන නර්තනයේ යෙදුණු තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඩි.ජේ. ප්‍රේමරත්න මහත්මිය ඊයේ (23) වනජීවී දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් සත්වයෙකුට හිංසා වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස අදාළ තරුණියට දැනුම් දී තිබුණද, ඇය එය මගහැරීම හේතුවෙන් වනජීවී නිලධාරීන් විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම ආන්දෝලනාත්මක සිදුවීමට අදාළව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා තරගයේ ප්‍රධාන සංවිධායකවරයා වන චන්දිමාල් ජයසිංහ මහතාගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මහේස්ත්‍රාත්වරිය විසින් වනජීවී නිලධාරීන්ට වැඩිදුරටත් අවසර ලබා දී ඇත.
මෙරට නීතියට අනුව, මෙලෙස ආරක්ෂිත වන සතුන් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ ඔවුන්ට හිංසා වන අන්දමින් කටයුතු කිරීම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බව වනජීවී දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

කුමාර සංගක්කාර කණස්සල්ලෙන්
අද මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගයේ යන අයට නව නීතියක්
විමල්ගේ ප්‍රකාශයක් ගැන විමර්ශනය කරන්නැයි නියෝගයක්
නාමල් රාජපක්ෂ රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව – “පන්සලේ කොත් පැළඳවීමේ උත්සවයට යන්න නීතිඥයා ඇප ඉල්ලයි”
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
වාහන මිල ගණන් පහළට
ආගමන විගමන සහකාර පාලකවරයෙකු අත්අඩංගුවට
පන්දු 30කින් වේගවත් ශතකයක් වාර්තා කළ අභිෂේක් ෂර්මා
මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
නාමල් රාජපක්ෂ අධිකරණයට
රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්