ෆේස්බුක් හි වර්ධනය සහ මුදල් ඉපැයීම ඉහළ නැංවීමේ උත්සාහයේ පියවරක් ලෙස, අන්තර්ගත නිර්මාණකරුවන්ට(content creators) මසකට ඩොලර් 3,000 දක්වා සහතික කළ ඉපැයීම් ලබා දෙන නිර්මාණකරුවන්ට වේගවත් ගෙවීම් සහිත නව වැඩසටහනක් මෙටා සමාගම විසින් දියත් කර තිබේ.
මෙම වැඩසටහන ස්ථාපිත නිර්මාණකරුවන් ඉලක්ක කර ගනිමින්, සුදුසුකම් ලත් වීඩියෝ රීල් සඳහා වැඩි ප්‍රවේශයක් සහ ප්‍රේක්ෂක වර්ධනය වේගවත් කිරීම සඳහා මාස තුනක සහතික කළ වැටුපක් ලබා දෙයි.
Instagram, TikTok හෝ YouTube වැනි වේදිකාවල මිලියනයකට වඩා අනුගාමිකයන් සිටින නිර්මාණකරුවන්ට මසකට ඩොලර් 3,000 දක්වා උපයා ගත හැකි අතර, අවම වශයෙන් අනුගාමිකයන් 100,000ක් සිටින අයට මසකට ඩොලර් 1,000 දක්වා උපයා ගත හැකිය.
මේ සඳහා සහභාගිවන්නන්ට ෆේස්බුක් හි අන්තර්ගත මුදල් ඉපැයීමේ මෙවලම් වෙත ක්ෂණික ප්‍රවේශය ද ලැබෙනු ඇති බවත්, එමඟින් ඔවුන්ට ආරම්භක වැඩසටහන් කාල සීමාවෙන් ඔබ්බට උපයා ගැනීම අඛණ්ඩව කරගෙන යෑමට හැකි වන බවත් මෙටා සමාගම පැවසීය.
මෙම නිවේදනය නිකුත් වන්නේ 2025 දී නිර්මාණකරුවන්ට ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක් ගෙවා ඇති බව මෙටා හෙළි කරන අතරතුරය.
එය පෙර වසරට වඩා 35 ක වැඩිවීමක් සහ මේ දක්වා සමාගම කළ ඉහළම වාර්ෂික ගෙවීමයි.
නිර්මාණකරුවන්ට ඔවුන්ගේ ආදායම වඩා හොඳින් නිරීක්ෂණය කිරීමට සහ වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා සමාගම ‘සුදුසුකම් ලත් නැරඹීම්’ සහ ‘ඉපැයීම් අනුපාතය’ ඇතුළු නව කාර්ය සාධන මිනුම් දඬු හඳුන්වා දී ඇත.

දෙවුන්දර දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ධුරය සම්පත් කිරිගේට
රටම කැළඹූ අනුරාධපුර පූජාභූමි සංවර්ධන වැඩසටහන ගැන වැඩබලන අටමස්ථානාධිපති හිමි කළ ඉල්ලීම
බියකින් හෝ අවිශ්වාසයකින් තොරව ලංකාවේ ආයෝජනය කරන්න! අශෝක රන්වල ජපන් බසින් විදේශ ආයෝජකයන්ට කළ ඇරයුම!
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
රාජ්‍ය සේවක වැටුප් සඳහා වසරකට රුපියල් බිලියන 900ක්
නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දැරිය සහ බිළිදා ගැන කාන්තා කටයුතු අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පහත වැටෙයි
ලංකාවේ සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුටම පවතින රෝගයක් ගැන අනාවරණයක්
අද දවසේ කාලගුණයේ සිදුවන වෙනස
සෞඛ්‍ය අමාත්‍යාංශයේ 223 දෙනෙකුට නව පත්වීම්! වෛද්‍යවරුන් 1,600ක් මේ මාසය අවසන් වීමට පෙර බඳවා ගැනේ!
රයිස් සහ කොත්තු සහ කෙටි කෑමවල මිල ඉහළට
කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා රාවල්පින්ඩි ගෞරවනීය නාම පුවරුවට