Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔබත් දියවැඩියා රෝගියෙක් ද ?

3 days ago

රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම වර්ථමානයේ ගෝලීය වශයෙන් සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බෝනොවන රෝගයක් ලෙස සැලකේ.

ඉතා ක්ෂණිකව රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළ පහළ යාම දියවැඩියා රෝගීන් දෛනිකව මුහුණදෙන විශාල ගැටලුවකි.

එබැවින් දියවැඩියාව ඇති රෝගීන්ට සෞඛ්‍ය සම්පන්න රුධිර සීනි මට්ටමක් පවත්වා ගැනීම ඉතා වැදගත් වන්නේ ඒ හා සම්බන්ධ සංකූලතා වළක්වා ගැනීම සඳහා ය.

රුධිර සීනි මට්ටම පාලනයකින් තොරව තබා ගත් විට, නිරන්තරයෙන් හෘද රෝග, වකුගඩු හානි සිදුකිරීම, ස්නායු හානි, තුවාල සුව නොවීම සහ පෙනීමේ ගැටලු ඇතිවීමේ අවදානම වැඩි කරනු ලබයි.

අධික රුධිර සීනි මට්ටම (hyperglycemia) ලෙස හඳුන්වන අතර එය අධික පිපාසය සහ නිතර මුත්‍රා කිරීම ඇතිකරයි.

මෙවැනි ක්ෂණික රෝග ලක්ෂණ ජීවිතයේ ගුණාත්මකභාවයට සැලකිය යුතු බලපෑමක් ඇතිකරන අතර එය දිගු කාලීන සංකූලතා ඇති කරයි.

එමෙන්ම අඩු රුධිර සීනි මට්ටම (hypoglycemia) ව්‍යාකූලත්වය, කරකැවිල්ල සහ ක්ෂණික සිහි මුර්ජාව වැනි බරපතළ රෝග ලක්ෂණ ඇති කරයි.

එබැවින් රුධිරයේ සීනි මට්ටම නිවැරදි පරාසයක තබා ගනිමින් දියවැඩියාව කළමනාකරණය කිරීම එම රෝගීන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සහතික කිරීමට උපකාරී වේ.

දිනපතා රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම දියවැඩියා කළමනාකරණයේ අනිවාර්ය අංගයකි.

එමඟින් එම රෝගීන්ට තම රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම සමීපව නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ ආහාර වේල, ශාරීරික ක්‍රියාකාරකම්, ඖෂධ සහ සමස්ථ ප්‍රතිකාර සැලැස්ම පිළිබඳව දැනුවත්ව තීරණ ගැනීමට හැකි වනු ලැබේ.

දිනපතා නිරීක්ෂණය කිරීම කාලයත් සමඟ රුධිරයේ සීනි මට්ටමේ අඩු වැඩි වීමේ රටා හඳුනා ගැනීමට උපකාරී වේ.

උදාහරණයක් ලෙස විවිධ ආහාර හෝ ක්‍රියාකාරකම් රුධිරයේ සීනි මට්ටමට බලපාන්නේ කෙසෙද යන්න නිවැරදිව දැනුම්වත් විය හැකිය.

එමෙන්ම රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඵලදායී ලෙස ලබා දීමට සෞඛ්‍ය සේවා සපයන්නන්ට සහ වෛද්‍යවරුන්ට මෙම දත්ත ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.

පළමු පියවර 

නිවසේදී ඔබේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම ඉතා සරල ක්‍රියාවලියකින් සිදුකර ගත හැකිය.

***පළමුවෙන්ම නිවැරදි සීනි මට්ටම මැනීම සඳහා ග්ලූකෝමීටරයක් මිල දී ගත යුතුවේ.

***එය ක්‍රියාකරවන නිවැරදි ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෛද්‍ය සහ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත දැනගත යුතුය.

***පසුව එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මනා දැනුමකින් යුක්ත විය යුතුය.

නිවසේදී රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන්නේ කෙසේද?


දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් දිනපතා ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කළ යුතුය.

ඔබේ රුධිරයේ සීනි මට්ටම නිවැරදිව කියවීම සඳහා, ඔබ මුලින්ම සබන් හා උණුසුම් ජලයෙන් ඔබේ අත් සේදිය යුතුය.

රුධිර සීනි පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර අවශ්‍ය පරීක්ෂණ පටි සහ ඇඟිලි තුඩ සිදුරැ කරන කටුව සම්පූර්ණයෙන්ම වියළී ඇති බවට වග බලාගත යුතුය.

පසුව, ඔබේ ග්ලූකෝමීටරයට නව පරීක්ෂණ පටියක් ඇතුළත් කළ යුතු වේ.

ඉන් අනතුරුව ඔබේ අතේ එක් ඇඟිල්ලක තුඩ ග්ලූකෝමීටරයේ ඇති කුඩා කටුවෙන් සිදුරු කළ යුතුය.

ඉන්පසු ඔබ ඇඟිලි තුඩෙන් එන කුඩා රුධිර ප්‍රමාණය පරීක්ෂණ තීරුවට උරා ගැනීමට සැලැස්විය යුතුය.

එහිදී ග්ලූකෝමීටර විසින් රුධිරයේ ඇති සීනි මට්ටම ඉදිරිපත් කරනු ඇති.

ඉන්පසු දිනය සහ වේලාව සමඟ දෛනිකව නිවැරදිව අදාළ දත්ත සටහන් කර ගත යුතු වේ.

සීනි මට්ටම පරීක්ෂා කිරීමේ දී වළක්වා ගත යුතු වැරදි


*** සමහර පොදු වැරදි ඔබේ රුධිර ග්ලූකෝස් මිනුමේ නිරවද්‍යතාවයට බලපෑ හැකිය.

*** අපිරිසිදු දෑතින් ඔබේ රුධිර සීනි මැනීමෙන් වළකින්න.

*** මන්ද මෙය ඔබේ අත්වල ඉතිරි ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය නිසා ව්‍යාජ කියවීමක් ඉදිරිපත් විය හැකිය.

***කිසිදු විටකදී රුධිය උරාගැනීමට ග්ලූකෝමීටරයට සවිකරන පරීක්ෂණ පටිය හෝ ඇඟිලි තුඩ සිදුරු කරන කටුව එක් වතාවකට වඩා භාවිතා නොකළ යුතු වේ.

***එමෙන්ම කිසිදු විටකදී රුධිය ගැනීමේදී ඇඟිලි තුඩ තද කිරීමක් සිදු නොකළ යුතුය. එසේ කළහොත් රුධිරයේ ඇති සංඝටක නිවැරදිව ලබා ගත නොහැකි වනු ඇත.

***සෑම විටම ග්ලූකෝමීටරයට සවිකරණ රුධිර පරීක්ෂණ පටි සහ ඇඟිලි තුඩ සිදුරු කරන කටු පිරිසිදු සහ සිසිල් වියළි ස්ථානයක තැබිය යුතුය.

***ග්ලූකෝමීටරය ක්‍රියාකාරීත්වය මෙන්ම බැටරිය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

***රුධිරයේ සීනි මට්ටම්වල නිශ්චිත රටා ග්‍රහණය කරගැනීම සඳහා පරීක්ෂණ කරන වේලාවන් (උදා: නිරාහාරව සිටීම, ආහාර ගැනීමෙන් පසු) මැනිය යුතුය.

නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීමෙන් සහ රුධිරයේ සීනි මට්ටම නිතිපතා පරීක්ෂා කිරීමෙන්, දියවැඩියා රෝගීන්ට ඔවුන්ගේ තත්ත්වය වඩා හොඳින් කළමනාකරණය කර සංකූලතා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.

එමෙන්ම මෙම තොරතුරු ඔබට සාමාන්‍ය දැනුමක් පමණක් සපයන අතර රෝගී තත්ත්ව සඳහා සැමවිටම විශේෂඥයෙකු හෝ ඔබේම වෛද්‍යවරයාගේ සහාය අත්‍යවශ්‍ය බව සලක්න.

(source – ada derana)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *